ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග චෙක් ජනරජයේ පැවැති ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය ද දිනා ගැනීමට සමත් වී තිබෙනවා.
රුමේෂ් තරංග එහිදී මීටර් 86.57ක දුරක් වාර්තා කරමින් තරඟයේ ජයග්‍රහණය හිමිකර ගත්තා.
එමෙන්ම පසුගියදා ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන ප්රමුඛ ස්ථානයක් සලකුණු කිරීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩක රුමේෂ් තරංග සමත්ව තිබූ අතර ඒ අනුව ඔහු ලෝකයේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
නවතම වර්ගීකරණයට අනුව රුමේෂ් තරංග ශ්‍රේණිගත ලකුණු 1,324ක් හිමිකරගෙන සිටින අතර මෙම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ලකුණු 1,360ක් ලබා සිටින ජර්මානු ක්‍රීඩක ජූලියන් වෙබර් විසින් හිමිකරගෙන ඇති අතර, දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ග්‍රෙනඩා රාජ්‍යයේ ඇන්ඩර්සන් පීටර්ස්ට විසින්.
ලෝක මලල ක්‍රීඩා ක්ෂේත්රයේ දැවැන්තයන් වන ඔලිම්පික් රන් පදක්කම් ලාභී ක්‍රීඩකයන් දෙදෙනෙකුම අභිබවා යාමට රුමේෂ් තරංගට මෙහිදී හැකියාව ලැබී තිබෙනවා.
රුමේෂ් තරංග මෙම සුවිශේෂී දක්ෂතාව කරා ළඟා වූයේ පසුගියදා ඉතාලියේ රෝම නුවර පැවති ‘ඩයමන්ඩ් ලීග්’ (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේදී එහිදී මීටර් 92.62ක අතිවිශිෂ්ට දුරක් හෙල්ල විසිකරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් මෙන්ම නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවීමට ඔහු සමත් වුණා.

ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි
කෙහෙල්බද්දර පද්මේගේ දුරකථනවලින් හමුවූ සම්බන්ධතා අතර නිළියන් 7ක්, නිරූපිකාවන් 9ක් සහ දේශපාලනඥයින් 7ක්! CIDය අධිකරණයට දැනුම්දෙයි!
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්
සුගීෂ්වරට අදත් ඇප නෑ
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ කුඩා දියණිය මරුට
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ලොකු සෙලවීමක්
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි