විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතරින් මෙරටට වැඩිම විදේශ විනිමයක් එවනු ලබන්නේ කුවේට් රාජ්‍යයේ සේවය කරන ලාංකිකයන් විසින් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
වසරකට ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 3කට ආසන්න සංඛ්‍යාවක් රැකියා සඳහා විදෙස්ගත වේ.
එම පිරිසෙන් 30%ක් පමණ, එනම් 80,000කට ආසන්න සංඛ්‍යාවක් තෝරාගන්නේ කුවේට් රාජ්‍යය බව සභාපතිවරයා පැවසීය.
පසුගිය 2025 වසරේදී පමණක් කුවේට්හි සිටින ශ්‍රී ලාංකිකයන් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 893ක මුදලක් මෙරටට එවා ඇත.
ශ්‍රී ලංකාවට දෙවැනියට වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබෙන්නේ කටාර් රාජ්‍යයෙන් වන අතර, තෙවැනියට වැඩිම මුදල් ප්‍රමාණයක් එවනු ලබන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසිනි.
මීට අමතරව සෞදි අරාබිය සහ අමෙරිකා එක්සත් ජනපදය ද මෙරටට වැඩිම වශයෙන් මුදල් එවනු ලබන ශ්‍රී ලාංකිකයන් වෙසෙන රටවල් අතර වන බව සභාපතිවරයා පැවසීය.
තවද, ඉතාලිය, බ්‍රිතාන්‍යය, මාලදිවයින, ඔස්ට්‍රේලියාව සහ ඊශ්‍රායලය ද ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමයක් ලබා දෙන ලාංකිකයන් සිටින සෙසු ප්රමුඛ රටවල් වේ.

හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්