Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ පොලිස් ලොක්කා ගැන සැකකාර පෙම්වතා වමාරයි

19 minutes ago

නුවරඑළියේ නවාතැන්පොළකදී භෞත චිකිත්සකවරියක් ඝාතනය කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට ආධාර අනුබල දීමේ චෝදනා මත කුණ්ඩසාල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැණුනා.

ඔහු මැණික්හින්න පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයෙක් වන අතර, පොලිසියේ උසස් නිලධාරියෙකුගේ නිවුන් සහෝදරයෙකුද වන බවයි පොලිසිය පැවසුවේ.

මෙම පොලිස් නිලධාරියා අදාළ ඝාතනයට ආධාර අනුබල දුන් ආකාරය පිළිබඳව, භෞත චිකිත්සකවරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ කරුණු රැසක් පාපොච්චාරණය කර තිබෙනවා.

”සර් මේ කේස් එක වෙලා මම හැංගිලා හිටියේ කුණ්ඩසාලය ප්‍රාදේශීය සභාවේ රියැදුරුගේ ගෙදර. මම ඒ වෙලාවේ සහය පැතුවේ ඒ ඩ්‍රයිවර්ගෙන්. එයා තමයි සර් මට මේ පොලිස් නිලධාරියාවත් සම්බන්ධ කළේ. ඩ්‍රයිවර් මගේ ඉස්සරහා ඒ පොලිස් නිලධාරියාට දුරකථන ඇමතුමක් ගත්තා. පසුව එම පොලිස් නිලධාරියා රියැදුරුට කිව්වා ගෙදරට ඇවිල්ලා කතා කරමු කියලා. ඒ අනුව ඔහු ගෙදරට ආවා.

ඒ ඇවිල්ලා පොලිස් නිලධාරියා මට කිව්වා මගේ මල්ලි උසස් පොලිස් නිලධාරියෙක්, කිසි දෙයකට බය වෙන්න එපා, ඔයාගේ මේ ඩ්‍රයිවර් යාලුවාගේ කේස් දෙකකටත් ඔහුගේ මල්ලි කතා කළා කියලා. එහෙම තමයි මට ඒ පොලිස් නිලධාරියාව හම්බ වුණේ.”

මේ අතර මෙම ප්‍රධාන සැකකරු අදාළ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියැදුරුගෙන්ද ලක්ෂ 05ක මුදලක් ලබා ගෙන තිබෙන බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඒ ඔහුගේ බිරිඳ විදෙස්ගත කරන බවට පවසමින්.

එමෙන්ම අදාළ රියැදුරුගේ පුතා විසින් රුපියල් 50,000ක් වටිනා ජංගම දුරකථනයක් සහ සිම් කාඩ්පතක්ද ප්‍රධාන සැකකරු යාපනයට පළාගිය දිනයේදී ලබා දී ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

(source – hiru news)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *