Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාපන්දු ලෝක කුසලානයේ සුපිරි 32 වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

21 minutes ago

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේ තරගවලින් අනතුරුව, ඊළඟ තීරණාත්මක වටය වන ‘සුපිරි 32’ (Round of 32) වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ රටවල් 32 නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙවර තරගාවලියේ දැඩි තරගකාරීත්වයක් මධ්‍යයේ ඉදිරි වටයට සුදුසුකම් ලැබූ එම රටවල් අතර මෙක්සිකෝව, දකුණු අප්‍රිකාව, ස්විට්සර්ලන්තය,කැනඩාව,බොස්නියාව සහ හර්සගොවිනාව (Bosnia & Herzegovina) බ්‍රසීලය,මොරොක්කෝව, අමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ පැරගුවේ සුදුසුකම් ලබා තිබෙනවා.

එමෙන්ම ජර්මනිය, අයිවරි කෝස්ට්,ඉක්වදෝරය,නෙදර්ලන්තය,ජපානය,ස්වීඩනය,බෙල්ජියම,ඊජිප්තුව, ස්පාඤ්ඤය,කැබෝ වර්ඩ්, ප්‍රංශය, නෝර්වේ යන රටවල් සුදුසුකම් ලැබුවා.

මේ අතර සෙනගාලය, ආර්ජන්ටිනාව, ඇල්ජීරියාව,ඔස්ට්‍රියාව, කොලොම්බියාව, පෘතුගාලය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, එංගලන්තය, ඝානාව, ක්‍රොඒෂියාවද සුදුසුකම් ලබා සිටිනවා.

මෙම ‘සුපිරි 32’ වටයේ සිට ඉදිරියට පැවැත්වෙන්නේ පිළිමළුන් පිටුදැකීමේ (Knockout) තරග රටාව බැවින්, ලෝක කුසලාන සිහිනය වෙනුවෙන් සෑම කණ්ඩායමකටම මෙම වටය අතිශය තීරණාත්මක වනු ඇති.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *