2026 වසරේ පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් හෙට (28) සිට ජුනි 30 වැනිදා විවෘත කරන නියමිත වේලාව දක්වා දිවයින පුරා පිහිටි සිල්ලර මත්පැන් අලෙවිය සඳහා බලපත්‍ර ලබාගත් සියලුම මත්පැන්හල් වසා තැබීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළා.
රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව ප්‍රකාශයට පත් කර ඇති පොසොන් සතිය හේතුවෙන් ඊයේ (26) සිට ජූලි 2 දක්වා අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගත් මිහින්තලේ, මධ්‍යම නුවරගම් පළාත, නැගෙනහිර නුවරගම් පළාත සහ මහවිලච්චිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හතර තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍රලත් මත්පැන්හල් ද වසා තැබෙන බව දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
එම ප්‍රදේශවල මත්පැන්හල් ජුනි 25 වැනිදා වසා දමන නියමිත වේලාවේ සිට ජූලි 3 වැනිදා විවෘත කරන නියමිත වේලාව දක්වා වසා තැබිය යුතුයි.
මෙම නියෝග කඩකරමින් මත්පැන්හල් විවෘතව පවත්වාගෙන යන හෝ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරන ස්ථාන පිළිබඳ තොරතුරු පැය 24 පුරා ක්‍රියාත්මක 1913 කෙටි දුරකථන අංකය ඔස්සේ සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරියට දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එවැනි නීති උල්ලංඝනය කරන බලපත්‍රලාභීන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

පල්ලේගම හිමිගේ පළමු DNA පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි
ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට
විදුලි බිල අඩු කරන පෙරනිමිති! තවත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 07ක් කොළඹ වරායට!
දියතලාවේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! 42කට තුවාල!
මිලියන 12කට TIN අංකය නිකුත් කරලා
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
බදු ගෙවනවාද? නැද්ද? අධිකරණයෙන් මෙන්ඩිස් සමාගමට දුන් නියෝගය
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 500 ඉක්මවා යයි
රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ පොලිස් ලොක්කා ගැන සැකකාර පෙම්වතා වමාරයි
දකුණු කොරියානු හිටපු ජනාධිපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්
ඉන්ධන මිල අඩුවන දිනය