Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

55 minutes ago

හෙරොයින් ග්‍රෑම් 3.074ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට අනුරාධපුර පළාත්බද මහාධිකරණය විසින් අද (30) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන ලදී.

මෙසේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූයේ කැකිරාව පාර, තලාව පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකුටය.

මෙම නඩුව වසර හතරකට අධික කාලයක් තිස්සේ අනුරාධපුර මහාධිකරණය හමුවේ විභාග වී ඇති අතර, පැමිණිල්ල විසින් සැකයෙන් තොරව චෝදනා ඔප්පු කිරීමෙන් අනතුරුව අද දින අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුට මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *