Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

MR කොත්තු හිමිකරුට ඇප හිමිවෙයි

45 minutes ago

මහරගම පිහිටි සිය වෙළඳසැලක් තුළදී සේවකයකුට කුරිරු ලෙස බැන තර්ජනය කර, පහරදී තුවාල සිදුකළ බව කියන සිද්ධියට අදාළව මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රසිද්ධ ව්‍යාපාරික විරාජ් වික්‍රමනායක මහතාව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළේය.

මීට අමතරව, අදාළ පහරදීමේ සිද්ධිය සමථ මණ්ඩලයට යොමු කර ඒ පිළිබඳ වාර්තාවක් කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

පොලිසිය අධිකරණයට ප්‍රකාශ කළේ, සැකකාර ව්‍යාපාරිකයා විසින් සිය ආයතනයේ සේවකයකුට ඉතා අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන CCTV දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල (Social Media) විශාල වශයෙන් සංසරණය වූ බවයි. මෙම දර්ශන හේතුවෙන් මහජනතාව අතර දැඩි පිළිකුලක් සහ සමාජ කැළඹීමක් ඇති වූ බව ද විමර්ශන නිලධාරීන් පෙන්වා දුන්නේය. පොලිස් පරීක්ෂණවලට අනුව මෙම පහරදීම ඉකුත් මැයි මස 05 වැනිදා සිදුව ඇත්තකි.

සේවකයා විසින් මහරගම පොලිස් ස්ථානය වෙත පැමිණ නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබූ පසුබිමක, සැකකාර ව්‍යාපාරිකයා අද (30) පෙරවරුවේ නීතිඥවරුන් දෙදෙනෙකු මාර්ගයෙන් මහරගම පොලිස් ස්ථානය වෙත පැමිණ භාර වී තිබේ. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අද පස්වරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *