ඊසානදිග තායිලන්තයේ මුක්දහාන් පළාතේ පාගමනක යෙදී සිටි භික්ෂූන් වහන්සේලා පිරිසක් වෙත 11 හැවිරිදි බාලවයස්කාර දරුවෙකු පැදවූ කැබ් රථයක් කඩා වැදීමෙන් සිදුවූ දරුණු අනතුරකින් භික්ෂූන් වහන්සේලා අට නමක් අපවත් වී තිබේ. මෙම ඛේදවාචකයෙන් තවත් භික්ෂූන් වහන්සේලා 13 නමකට බරපතළ තුවාල සිදුව ඇති බව එරට පොලිසිය පවසයි.
මුවැන්ග් දිස්ත්‍රික්කයේ බන් නා සි නුවාන් ප්‍රදේශයේදී අද (02) දහවල් 12.00 ට පමණ මෙම අනතුර සිදුව ඇත. අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සහ සහන සේවා කණ්ඩායම් අදාළ ස්ථානයට ළඟා වන විටත්, අනතුරට ලක්වූ භික්ෂූන් වහන්සේලා මාර්ගය අසල වැටී සිටි බව වාර්තා වේ.
අනතුරින් භික්ෂූන් වහන්සේලා පස් නමක් එම ස්ථානයේදීම අපවත් වී ඇති අතර, බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ භික්ෂූන් වහන්සේලා අතරින් තවත් තිදෙනෙකු රෝහලේදී අපවත් වී තිබේ. තුවාල ලැබූ සෙසු භික්ෂූන් වහන්සේලා 13 නම මේ වනවිට අසල පිහිටි රෝහල් වෙත ඇතුළත් කර කඩිනමින් අත්‍යවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් පවතී.
මූලික පොලිස් පරීක්ෂණවලට අනුව අනාවරණය වී ඇත්තේ, අනතුර සිදුකළ කැබ් රථය පදවා ඇත්තේ 11 හැවිරිදි කුඩා දරුවෙකු බවයි. ඔහු තම දෙමාපියන්ගේ හෝ භාරකරුවෙකුගේ කිසිදු අවසරයකින් තොරව අදාළ වාහනය පදවාගෙන විත් මෙම මාරක අනතුර සිදුකර ඇති බවට තහවුරු වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් තායිලන්ත පොලිසිය විසින් මේ වන විටත් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතී.

අඩි 1450 ක් ඉහළට නැඟ, විවාහ යෝජනාවක් කළ රුසියානු යුවළක් පොලිස් අත්අඩංගුවට
පාසල් සිසුන්ට දුම්වැටි අලෙවිකළ වෙළෙඳසැල් හිමියන් පිරිසකට වැඩ වරදී
ඩෙංගු රෝගීන් පනස් හයදහස පන්නයි
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස පහළට
ආන්දෝලනයට තුඩුදුන් ප්‍රසිද්ධ කොත්තු අවන්හල් ජාලය පිළිබඳව විමර්ශනයක්! කම්කරු නියෝජ්‍ය ඇමැතිගෙන් උපදෙස්!
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගෙන් CIDයට පැය 4ක ප්‍රකාශයක්
අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස පත් කෙරේ
වැඩිහිටි දීමනාව පිළිබඳව දැනුම්දීමක්
පාකිස්තාන ආරක්ෂක ලේකම් දිවයිනට
හිටපු ඇමති එස්.එම්.චන්ද්‍රසේනට අධි චෝදනා භාර දෙයි
ඔබේ දරුවන් ගැන අවධානයෙන් ඉන්න! නව යොවුන් වියේ දරුවන් බරපතළ අවදානමක!
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඇම්බර් වර්ණයෙන් යුත් නිවේදනයක්