නිව්යෝර්ක් නුවර පිහිටි ලොව සුප්‍රකට ‘එම්පයර් ස්ටේට්’ (Empire State) ගොඩනැගිල්ලේ මුදුනටම අනවසරයෙන් නැඟ, එහිදී විවාහ යෝජනාවක් ඉදිරිපත් කළ යුවළක් නිව්යෝර්ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ලොව පුරා මෙවැනි අවදානම් සහගත නැගීම් (Stunts) සිදුකිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන සහ 2024 වසරේ නිකුත් වූ ‘Skywalkers: A Love Story’ වාර්තා චිත්‍රපටයට පාදක වූ, 33 හැවිරිදි ඇන්ජෙලා නිකොලාවු (Angela Nikolau) සහ 32 හැවිරිදි අයිවන් බීර්කස් (Ivan Beerkus) යන රුසියානු ජාතික යුවළයි.
අඩි 1,454 ක් උසැති මෙම ගොඩනැගිල්ලේ ඉහළටම නැඟි මොවුන් දෙදෙනා, “බලයට ඇති ආදරය පරදා ආදරයේ බලය ජයගන්නා දිනට ලෝකය සාමය අත්විඳිනු ඇත” යනුවෙන් සඳහන් විශාල බැනරයක් ප්‍රදර්ශනය කළහ.
ඉන්පසු ඇන්ටනාවෙන් මඳක් පහළ වේදිකාවකට පැමිණි අයිවන් බීර්කස් ,ඇන්ජෙලා වෙත විවාහ යෝජනාවක් ඉදිරිපත් කරමින් මුද්දක් පැළඳවූ අතර, දෙදෙනා සිපගනිමින් එය සමරනු ලැබීය.
ඔවුන් විනාඩි 10 කට ආසන්න කාලයක් මෙම කුළුණ මුදුනේ රැඳී සිටිමින් මේ පිළිබඳ දර්ශන සමාජ මාධ්‍ය වෙත ද මුදාහැර තිබුණි.
ගොඩනැගිල්ලෙන් පහළට බැසීමෙන් පසු පොලිස් භාරයට ගත් මෙම යුවළට එරෙහිව නීතිවිරෝධී ලෙස ඇතුළු වීම, නොසැලකිලිමත් ලෙස ජීවිත අවදානමක හෙළීම, සහ මහජන පීඩාව යන චෝදනා යටතේ නඩු පවරා ඇත.
එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ ප්රකාශකයෙකුට අනුව, මෙම අනවසර ඇතුළු වීම නිසා එහි සිටි නරඹන්නන්ට හෝ අමුත්තන්ට කිසිදු අනතුරක් සිදුව නොමැත.

පාසල් සිසුන්ට දුම්වැටි අලෙවිකළ වෙළෙඳසැල් හිමියන් පිරිසකට වැඩ වරදී
ඩෙංගු රෝගීන් පනස් හයදහස පන්නයි
තායිලන්තයේදී 11 හැවිරිදි දරුවෙකු පැදවූ රථයක ගැටී භික්ෂූන් වහන්සේලා 8 නමක් අපවත් වෙති! 13කට බරපතළයි!
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස පහළට
ආන්දෝලනයට තුඩුදුන් ප්‍රසිද්ධ කොත්තු අවන්හල් ජාලය පිළිබඳව විමර්ශනයක්! කම්කරු නියෝජ්‍ය ඇමැතිගෙන් උපදෙස්!
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගෙන් CIDයට පැය 4ක ප්‍රකාශයක්
අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස පත් කෙරේ
වැඩිහිටි දීමනාව පිළිබඳව දැනුම්දීමක්
පාකිස්තාන ආරක්ෂක ලේකම් දිවයිනට
හිටපු ඇමති එස්.එම්.චන්ද්‍රසේනට අධි චෝදනා භාර දෙයි
ඔබේ දරුවන් ගැන අවධානයෙන් ඉන්න! නව යොවුන් වියේ දරුවන් බරපතළ අවදානමක!
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඇම්බර් වර්ණයෙන් යුත් නිවේදනයක්