දිවයින පුරා පවතින ඩෙංගු අධි වසංගත තත්ත්වය ආරම්භ වූ දා සිට මේ දක්වා මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග 7,500කට ආසන්න සංඛ්‍යාවක් ගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
මෙම පියවර ගනු ලැබුවේ මහජනතාව අපහසුතාවයට පත් කිරීමට නොව, රටේ ඩෙංගු වසංගතය පාලනය කරමින් ජනතාවගේ සෞඛ්‍යය හා ජීවිත ආරක්ෂා කිරීමේ පරමාර්ථයෙන් බැවින්, එම ක්‍රියාවලිය නිසා යම් අපහසුතාවයක් සිදු වූයේ නම් ඒ පිළිබඳව තමන් කනගාටුව පළ කරන බවද ඒ මහතා සඳහන් කළේය.
කෙසේ වුවද, ඉදිරියේදීත් නිවාස, ආයතන ඇතුළු සියලු පරිශ්‍රයන් අඛණ්ඩව පරීක්ෂාවට ලක් කරන බවත්, මදුරුවන් බෝවන ස්ථාන හමු වුවහොත් මින්පසු කිසිදු පූර්ව දැනුම්දීමකින් හෝ නිවේදනයකින් තොරව සෘජුවම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු දැඩිව අනතුරු අඟවා සිටී.

මත්ද්‍රව්‍ය සමඟ කොටු වුණ ‘දෝණී’
බන්ධනාගාරයේ රැඳවියන් නැග සිටි වහලය කඩා වැටී 4ක් රෝහලට
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු තවදුරටත් අත්හිටුවයි
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මරුට! පොලීසිය සහ STF කැඳවයි!
සති අන්තයේ කාලගුණය
හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් 2026 LPL තරගාවලිය සඳහා එක්වෙයි
බලපත්‍රය අවලංගු කළ මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන්ට ලක්ෂ 11 දක්වා වන්දි
2025, උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
දේශපාලනයෙන් සමුගැනීම ගැන හිටපු ජනපති මහින්දගෙන් ප්‍රකාශයක්
අකුරේගොඩ නීතිඥවරයා සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
යෙවාන් ඩේව්ඩ් Formula 3 තරගාවලියක දෙවන ස්ථානය දිනයි
සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ සංකීර්ණය සිසු අයිතියට