Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මරුට! පොලීසිය සහ STF කැඳවයි!

5 hours ago

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුමෙන් දෙදෙනෙකු මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

අද (05) දහවල් මෙම ගැටුම හටගත් අතර, එහිදී තුවාල ලැබූ රැඳවියන් 25කට අධික සංඛ්‍යාවක් මීගමුව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කෙරුණි.

අප වාර්තාකරු පැවසුවේ, මේ වනවිට බන්ධනාගාර පරිශ්‍රය වෙත, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ඇති බවය.

මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදීමේ සිදුවීමක් මුල්කරගනිමින් ගැටුම හට ගෙන ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *