Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තඹුත්තේගම ජල ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට

14 hours ago

තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය අද (10) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

තඹුත්තේගම, තලාව සහ ගල්නෑව ප්‍රදේශවල ජනතාවට සුරක්ෂිත හා පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් අංගමුව ජලාශය ජල මූලාශ්‍රය කරගනිමින් ක්‍රියාත්මක කළ තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොටසක් සහ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොටසක් ආවරණය කරමින් ජනතාවට සුරක්ෂිත පානීය ජලය සපයයි.

මෙම ව්‍යාපෘතිය මඟින් ග්‍රාම නිලධාරී වසම් 42ක් ආවරණය වන අතර, පුද්ගලයින් 91,810 දෙනෙකුට ප්‍රතිලාභ හිමි වේ. එමෙන්ම නව ජල සම්බන්ධතා 25,000ක් ලබාදීම තුළින් දහස් සංඛ්‍යාත ජනතාවට ගුණාත්මක, සුරක්ෂිත හා විශ්වාසනීය පානීය ජල පහසුකම් හිමි වී ඇත.

මේ අතර, අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතුද අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිතිගොල්ලෑව ජල සම්පාදන පරිශ්‍රයේදී ආරම්භ කිරීමට නියමිතය.

පදවිය, හොරොව්පොතාන, කහටගස්දිගිලිය සහ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන මෙම ව්‍යාපෘතිය මඟින් ග්‍රාම නිලධාරී වසම් 119ක් ආවරණය කෙරෙන අතර, 2034 වන විට පුද්ගලයින් 170,951 දෙනෙකුට ආරක්ෂිත පානීය ජලය සැපයීමට සැලසුම් කර ඇත.

එමෙන්ම, නිවාස 50,000කට නව ජල සම්බන්ධතා ලබාදීමද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්කයකි. ඉහළ ෆ්ලෝරයිඩ් අන්තර්ගත භූගත ජලය භාවිතය සහ නිදන්ගත වකුගඩු රෝගය හේතුවෙන් පැනනැගෙන සෞඛ්‍ය ගැටලු අවම කිරීම සඳහාද මෙම ව්‍යාපෘතිය සැලකිය යුතු දායකත්වයක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය එක්ව ක්‍රියාත්මක කරන ජාතික වැදගත්කමකින් යුත් සංවර්ධන ව්‍යාපෘතියකි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *