Instagram හරහා ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන සහ ඒ සඳහා පහසුකම් සපයන සියලුම ගෙවුම් දැන්වීම් සහ අන්තර්ගතයන් වහාම අක්‍රීය කරන ලෙස ඉන්දීය රජය Meta සමාගමට දැඩි ලෙස නියෝග කර තිබේ.
විදෙස් පුවත් නාලිකාව විසින් සිදුකරන ලද විශේෂ ගවේෂණාත්මක අනාවරණයකින් පසුව ඉන්දීය රජය මෙම පියවර ගෙන ඇත.
ඉන්දියාව තුළ ඉන්ස්ටග්‍රෑම් හරහා ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍ය ප්‍රවර්ධනය කෙරෙන ගෙවුම් දැන්වීම් පළ කර ඇති බවත්, ඉන් සමහරක් මඟින් පරිශීලකයන්ව එම ද්‍රව්‍ය අලෙවි කරන ටෙලිග්‍රෑම් (Telegram) චැනල වෙත යොමු කර ඇති බවත් එම විමර්ශනයේදී හෙළි වී තිබේ.
මෙවැනි දරුණු ගණයේ අන්තර්ගතයන් සහිත දැන්වීම් තම සමාජ මාධ්‍ය ජාලය තුළ පළ කිරීමට ඉඩ දුන්නේ කෙසේද යන්න පිළිබඳව සතියක් ඇතුළත සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස ද ඉන්දීය රජය මෙටා සමාගමෙන් ඉල්ලා ඇත.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් මෙටා සමාගමේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ, දැන්වීම් ඇතුළුව ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍ය ඉල්ලා සිටීම හෝ බෙදා හැරීම සම්බන්ධයෙන් තම සමාගම Zero-tolerance ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවය.
“වැරදි සහගත අන්තර්ගතයන් සහ පුද්ගලයන් කල්තියා හඳුනා ගැනීමට අපි දියුණු කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිතා කරනවා. නමුත් අපගේ බිලියන 3.5ක් වන පරිශීලකයන් අතර සැඟවී අපගේ පද්ධති මඟහැරීමට උත්සාහ කරන අපරාධකරුවන් සමඟ අපි නිරන්තර සටනක නිරත වෙමින් සිටිනවා.” යැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ටෙලිග්‍රෑම් සමාගම ප්‍රකාශ කර ඇත්තේ 2026 වසර තුළදී පමණක් ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍යවලට අදාළ ගෘප් (Groups) සහ චැනල (Channels) 274,000කට වඩා වැඩි ප්‍රමාණයක් තම පද්ධතියෙන් ඉවත් කිරීමට පියවර ගත් බවය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට