පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා රජය විසින් සූදානමක් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.
මන්ත්‍රීවරයා 2019 වසරේදී ලබාගත් පාරිතෝෂික දීමනාවක් මුල් කරගනිමින්, සමාජ මාධ්‍ය හරහා අසත්‍ය මත පතුරුවමින් රජය මෙම දේශපාලන කුමන්ත්‍රණය දියත් කර ඇති බව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.
විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, “මානුෂීය පදනම මත” විධායක ජනාධිපතිවරයා සතු අභිමතය පරිදි දයාසිරි ජයසේකර මහතා වෙත රුපියල් ලක්ෂ 5ක පාරිතෝෂික දීමනාවක් ලබා දී තිබූ බවයි.
ඉන් අනතුරුව මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ 8කට අධික මුදලක් වැය කරමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇති නමුත්, ඊට අදාළ නිසි බිල්පත් ඉදිරිපත් කර නොමැති බව පවසමින් රජය මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළා.
මෙවැනි පාරිතෝෂික දීමනා ක්‍රමවේදයක් යටතේ බිල්පත් ඉදිරිපත් කිරීමේ කිසිදු නීතිමය අවශ්‍යතාවක් නොමැති බව අවධාරණය කළ ප්‍රේමදාස මහතා, එසේ තිබියදීත් මන්ත්‍රීවරයා ප්‍රතිපාදන අවභාවිත කර ඇති බවට චෝදනා කරමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට රජය සූදානම් වන බව ප්‍රකාශ කළා.
රජයට හිතවාදී සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කරගනිමින්, දයාසිරි ජයසේකර මහතා ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර ඇති බවටත්, මෙය මහා පරිමාණ දූෂණයක් බවටත් පෙන්වීමට රජය උත්සාහ කරමින් සිටින බව විපක්ෂ නායකවරයා මෙහිදී චෝදනා කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙය මන්ත්‍රීවරයා ඉලක්ක කරගනිමින් දියත් වන සම්පූර්ණයෙන්ම දේශපාලන පළිගැනීමක් බවයි.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති