ඉන්දියාවේ ගැහැණු ළමයෙකු දූෂණය සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සැකකරුවෙකු පොලිස් වෙඩි හුවමාරුවකින් මියයාමෙන් පසු ඔහුගේ මව දේහය භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, බරුයිපූර් ස්ත්‍රී දූෂණ හා ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටි ප්‍රභාස් නමැති සැකකරු පොලිස් වෙඩි හුවමාරුවකදී මියගිය බවයි.
සැකකරුගේ අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු පොලිසිය දේහය බරුයිපූර් උප දිස්ත්‍රික් රෝහලේ ඇති බව ඔහුගේ මවට දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත් ඇය ප්‍රකාශ කර ඇත්තේ තම පුත්‍රයාගේ මුහුණ බැලීමටවත් තමන්ට අවශ්‍ය නොවන බවත්, දේහය භාර ගැනීමට තමන් හෝ පවුලේ කිසිවකු නොයන බවත්ය.
සැකකරු අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදීම ඔහු වරදකරු බවට තහවුරු වුවහොත් දැඩි දඬුවම් ලබාදිය යුතු බව තමන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවද ඇය සිහිපත් කර තිබෙනවා.
ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තම පුත්‍රයා දිගු කලක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අතර, තමන් ලබාදුන් උපදෙස් කිසිවිටෙකත් පිළිනොගත් බවයි.
මෙම පොලිස් වෙඩි හුවමාරුව සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ටිපර් රථයකට ජීවිතයක් බිලිවෙයි
ඉතිහාසයේ ඉහළම කුරුඳු මිල පසුගිය මැයි මාසයේදී වාර්තා වෙයි
මීගමුවේ ගැටුම ගැන CID විමර්ශන අරඹයි! මියගිය නිලධාරීන් 8 දෙනාට උසස්වීම්!
චර්ම රෝග සිඝ්‍රයෙන් ඉහළට! බරපතළ සෞඛ්‍ය ගැටලුවක්!
මැගසින් බන්ධනාගාරයේ ගැටුමක්! තුවාල ලැබූ රැඳවියන් රෝහලට!
2026 උසස් පෙළ විභාගයට තවත් ලොකු අවුලක්?
අභාවප්‍රාප්ත මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්
ශ්‍රී ලංකා රුපියලට තාවකාලික අස්වැසිල්ලක්
ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
හිටපු ඇමති රාජිත සේනාරත්නට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට සැරසෙයි
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් 17 වැනිදා කැඳවයි