කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදීම තුළින් රජයට රුපියල් කෝටි දෙකකට අධික මූල්‍ය පාඩුවක් සිදුකළේ යැයි කියන දූෂණ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න සහ ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ යන මහත්වරුන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (10) අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් මේ බව සභාවට ප්‍රකාශ කළේය.
අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නීතිඥවරුන් කියා සිටියේ, අදාළ සැකකරුවන් දෙදෙනාට එරෙහිව පවත්වාගෙන ගිය දීර්ඝ විමර්ශන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බැවින්, ඉදිරි පියවරක් ලෙස මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර ගොනු කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බවයි.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ හිටපු සභාපති උපාලි ලියනගේ යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මොවුන් දෙදෙනා දැනට ඇප මත මුදාහැර සිටී. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, මෙම නඩුව නැවත එළඹෙන දෙසැම්බර් මස 04 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.

ටිපර් රථයකට ජීවිතයක් බිලිවෙයි
ලොවම කැළඹූ ඉන්දීය ස්ත්‍රී දූෂකයාගේ දේහය භාරගැනීම මව ප්‍රතික්ෂේප කරයි
ඉතිහාසයේ ඉහළම කුරුඳු මිල පසුගිය මැයි මාසයේදී වාර්තා වෙයි
මීගමුවේ ගැටුම ගැන CID විමර්ශන අරඹයි! මියගිය නිලධාරීන් 8 දෙනාට උසස්වීම්!
චර්ම රෝග සිඝ්‍රයෙන් ඉහළට! බරපතළ සෞඛ්‍ය ගැටලුවක්!
මැගසින් බන්ධනාගාරයේ ගැටුමක්! තුවාල ලැබූ රැඳවියන් රෝහලට!
2026 උසස් පෙළ විභාගයට තවත් ලොකු අවුලක්?
අභාවප්‍රාප්ත මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්
ශ්‍රී ලංකා රුපියලට තාවකාලික අස්වැසිල්ලක්
ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් 17 වැනිදා කැඳවයි