2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේදී ස්පාඤ්ඤය හමුවේ ගෝල 1-0ක් ලෙස පෘතුගාලය පරාජය වීමත් සමඟ සුපිරි පාපන්දු තරුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගෙන තිබේ.
41 වැනි වියේ පසුවන ඔහු සිය අවසන් ලෝක කුසලාන තරගයෙන් පසු දැඩි ලෙස සංවේදී වෙමින් කඳුළින් පිටියෙන් සමුගත් අතර, ලෝක කුසලාන ශූරතාවක් නොමැතිවම ඔහුගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය නිම විය.
බැලන්ඩෝර් සම්මාන 5ක් සහ චැම්පියන්ස් ලීග් 5ක් දිනා ඇති රොනාල්ඩෝ, ලෝක කුසලාන තරගාවලි 6කදීම ගෝල රැස්කළ ලොව එකම ක්‍රීඩකයා ද වේ.
දැනට ලොව වැඩිම ගෝල සංඛ්‍යාවක් (ගෝල 952ක්) ලබාගෙන සිටින රොනාල්ඩෝ, ක්‍රීඩාවෙන් සමු ගැනීමට පෙර ගෝල 1,000 සීමාව පසු කිරීමට බලාපොරොත්තුවෙන් සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේවෙතත් මෙය තමාගේ අවසන් ලෝක කුසලාන තරගය වන බව ඔහු මීට පෙර නිවේදනය කර තිබුණි.
සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ “මම හිතනවා මම ඒකට සූදානම් කියලා. ඒක හරිම දුෂ්කර වේවි. නමුත් මම වයස අවුරුදු 25, 26 ඉඳන්ම මගේ අනාගතය සැලසුම් කළා. පාපන්දු ක්‍රීඩා පිටියෙන් ලැබෙන සතුට හා ජවය වෙන කිසිම දේකින් ලැබෙන්නේ නැහැ. නමුත් හැම දේකටම ආරම්භයක් වගේම අවසානයක් තියෙනවා. විශ්‍රාම ගත්තට පස්සේ මට මගේ පවුලේ අය සහ දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න පුළුවන්.” ලෙසය.
රොනාල්ඩෝ සෑම තරඟයකදීම ආරම්භක ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරවීම පෘතුගාල කණ්ඩායමේ පරාජයට හේතුවක්ද යන්න පිළිබඳව මේ වනවිට විවිධ මත පළවෙමින් පවතී.
පෘතුගාල පුහුණුකරු රොබර්ටෝ මාර්ටිනෙස්ව දැඩි ලෙස විවේචනය කරමින් විචාරකයින් සඳහන් කර ඇත්තේ වයස්ගත වී සිටින රොනාල්ඩෝ වෙනුවෙන් පමණක් කණ්ඩායමේ තීරණ ගැනීම නිසා පෘතුගාලය තරඟාවලියෙන් ඉවතට විසිවූ බවය.
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලෝක කුසලාන තරගාවලි හයකදී (2006, 2010, 2014, 2018, 2022, 2026) ගෝල රැස්කළ එකම හා ප්‍රථම ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් වේ.
කෙසේ වෙතත්, ඔහුගේ දිගුකාලීන විශාලතම සිහිනය වූ ‘ලෝක කුසලාන ශූරතාව’ දිනාගැනීම සැබෑ කරගැනීමට අවසානයේ නොහැකි විය.
තරගය අවසන් වීමත් සමග රොනාල්ඩෝගේ දෑස් කඳුලින් පිරී ගිය අතර, ඔහු ක්‍රීඩාලෝලීන්ට අත වනමින් දැඩි සංවේදී ලෙස ක්‍රීඩාංගණයෙන් පිටව ගියේය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට