මීගමුව බන්ධනාගර ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ නිලධාරීන් 8 දෙනාට බන්ධනාගාර දෙපාර්තමේන්තුව උසස් වීම් ලබාදී තිබේ.
ඝාතනයට ලක්වූ දෙවන පෙළ ජේලර් S.H.S.චන්ද්‍රවංශ මහතා පළමු පෙළ ජේලර්වරයෙක් ලෙසත්, සෙසු නියාමකවරු සැරයන් තනතුරුවලටත් උසස්කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.
මේ අතර මීගමුව බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් සියලුදෙනාම වෙනත් බන්ධනාගාර වෙත අද මාරු කර යැවුණි.
බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය සැරයන් ගමගේ උපාලි මහතාගේ දේහය අද කඹුරුපිටියේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ආවේය.
මේ අතර ගැටුමෙන් මියගිය සැරයන් රුවන් තිලකසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණේ අඹගහවැව පොදු සුසාන භූමියේදීය.
මීගමුව බන්ධනාගාරයේ ඛේදවාචකයෙන් බන්ධනාගාර නිලධාරීන් 8දෙනෙක් හා රැඳවියන් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණි.
සිද්ධිය පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කෙරුණු අතර ඒ අනුව මේ වනවිට විමර්ශන මීගමුව රෝහලේ හා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගෙන් හා රැඳවියන්ගේ ප්‍රකාශ ලබාගැනීම ආරම්භ කර තිබේ.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන නිලධාරීන් හා රැඳවියන් 29 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන්කරගෙන ඇත.
ඒ අතර සිටින සියලුම රැඳවියන් කටුවැල්ලේගම සුරේෂ්ගේ පාර්ශ්වයෙන් පහරකෑමට ලක්වී ඇති බව පොලිසිය පවසයි.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බන්ධනාගාර නිලධාරීන්ගෙන්ද මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එය මෙතෙක් සම්පූර්ණ කිරීමට හැකි වී නොමැත.
ඒ ඇතැම් නිලධාරීන් ප්‍රකාශ ලබාදීම සඳහා මෙතෙක් සුදුසු සෞඛ්‍ය තත්ත්වයකින් නොසිටීම හේතුවෙනි.

ටිපර් රථයකට ජීවිතයක් බිලිවෙයි
ලොවම කැළඹූ ඉන්දීය ස්ත්‍රී දූෂකයාගේ දේහය භාරගැනීම මව ප්‍රතික්ෂේප කරයි
ඉතිහාසයේ ඉහළම කුරුඳු මිල පසුගිය මැයි මාසයේදී වාර්තා වෙයි
චර්ම රෝග සිඝ්‍රයෙන් ඉහළට! බරපතළ සෞඛ්‍ය ගැටලුවක්!
මැගසින් බන්ධනාගාරයේ ගැටුමක්! තුවාල ලැබූ රැඳවියන් රෝහලට!
2026 උසස් පෙළ විභාගයට තවත් ලොකු අවුලක්?
අභාවප්‍රාප්ත මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්
ශ්‍රී ලංකා රුපියලට තාවකාලික අස්වැසිල්ලක්
ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
හිටපු ඇමති රාජිත සේනාරත්නට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට සැරසෙයි
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් 17 වැනිදා කැඳවයි