මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පැවසුවේ, ඊයේ (13) සහ අද (14)අලුයම අදාළ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා මියගොස් ඇති බවය.
මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි සහ 39 හැවිරිදි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු බව සඳහන්ය.
ඒ අනුව මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව දස දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ජුලි මස 5 සහ 6 යන දෙදින තුළ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර රැඳවියන් 21 දෙනෙකු ද මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. ඒ අනුව සිිදුවු සමස්ත මරණ ගණන 31ක් දක්වා ඉහළ ගොස් ඇත.
අදාළ ගැටුමෙන් තුවාල ලැබූ තවත් බන්ධනාගාර රැඳවියන් සහ නිලධාරීන් කොළඹ ජාතික රෝහලේ සහ මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්ය.

මීගමුවේ බන්ධනාගාරයේ ගැටුමට හේතුව හෙළිවෙයි! “කටුවැල්ලේගම සුරේෂ්” ව්‍යායාම මදි කියා නිලධාරියෙකුට මරණ තර්ජනය කරලා!
කොළඹ කොත්තු, යාපනේ කකුළු කරි ලෝකයම හොලවයි!
අග්‍රාමාත්‍ය හරිනි කටාර් යයි
ට්‍රම්ප් අඩියක් පස්සට ගනී
මීගමුව බන්ධනාගාර ගැටුමේදී වෙඩි තැබූ නිලධාරියාට ස්ථාන මාරුවක්
හෙද, හෙදියන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමට යෝජනාවක්
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ තහනමක් තාවකාලිකව ලිහිල් කෙරේ
පාකිස්තානයේ සුපිරි ක්‍රිකට් තරුවක් ඉතිහාසයේ පළමුවරට LPL සමඟින් එක්වීමට තීරණය කරයි
අශෝක රන්වල ඇතුළු පිරිසකට ප්‍රභූ ආරක්ෂාව ලබා දීලා? ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්
රුපියලේ සුළු සෙලවීමක්
සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි
දුන් පොරොන්දුව රකිමින් දීපා එදිරිසිංහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි