ඉරාන වරායන් වෙත පනවා තිබූ නාවික අවහිරතා නැවතත් බලාත්මක කිරීමට අමෙරිකාව පියවර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ. ජනාධිපතිවරයා තම නිල ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මේ බව නිල වශයෙන් තහවුරු කළේය.
ජනාධිපතිවරයා විසින් තබන ලද සම්පූර්ණ සටහන පහතින් දැක්වේ:
“හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව පවතිනවා, එය ඉරානය සිටියත් නැතත් දිගටම විවෘතව පවතිනු ඇත. අපි ‘ඉරාන නාවික අවහිරතාව’ නැවතත් බලාත්මක කරනවා. මෙයට මෙම නම යෙදුවේ ඉරාන නැව් හෝ ඔවුන්ගේ පාරිභෝගිකයන්ට පමණක් ඇතුළු වීම සහ පිටවීම වළක්වන බැවිනි. අනෙකුත් සියලුම රටවලට සමුද්‍ර සන්ධිය සාධාරණ ලෙස සහ විවෘතව භාවිත කිරීමට අවස්ථාව හිමිවනු ඇත.
මෙතැන් සිට අමෙරිකා එක්සත් ජනපදය, ‘හෝමුස් සමුද්‍ර සන්ධියේ භාරකරු’ ලෙස හඳුන්වනු ලබනවා. නමුත් සාධාරණත්වය උදෙසා, ලෝකයේ මෙම අතිශය නොසන්සුන් කලාපයට ආරක්ෂාව සැපයීමේ කාර්යය සඳහා වැය වන සියලුම පිරිවැය වෙනුවෙන්, එම මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කෙරෙන සියලුම භාණ්ඩ සඳහා 20% ක අනුපාතයකින් අපට මුදල් ප්‍රතිපූරණය කළ යුතුයි. මේ සඳහා වන ක්‍රියාවලිය සහ ව්‍යුහය සැකසීම වහාම ආරම්භ කෙරේ.”
ජනාධිපතිවරයාගේ මෙම නව ප්‍රකාශයත් සමඟ පැහැදිලි වන්නේ, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා භාණ්ඩ හා ඛනිජ තෙල් ප්‍රවාහනය කරන සෙසු ධනවත් රටවලින් 20%ක ආරක්ෂක බද්දක් අය කර ගැනීමට අමෙරිකාව මේ වනවිට සූදානම් වන බවයි. මෙම තීරණය ක්‍රියාත්මක වුවහොත් එය ගෝලීය වෙළෙඳපොළට මෙන්ම ජාත්‍යන්තර බලශක්ති මිල ගණන්වලට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.

මීගමුවේ බන්ධනාගාරයේ ගැටුමට හේතුව හෙළිවෙයි! “කටුවැල්ලේගම සුරේෂ්” ව්‍යායාම මදි කියා නිලධාරියෙකුට මරණ තර්ජනය කරලා!
කොළඹ කොත්තු, යාපනේ කකුළු කරි ලෝකයම හොලවයි!
අග්‍රාමාත්‍ය හරිනි කටාර් යයි
ට්‍රම්ප් අඩියක් පස්සට ගනී
මීගමුව බන්ධනාගාර ගැටුමේදී වෙඩි තැබූ නිලධාරියාට ස්ථාන මාරුවක්
හෙද, හෙදියන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමට යෝජනාවක්
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ තහනමක් තාවකාලිකව ලිහිල් කෙරේ
පාකිස්තානයේ සුපිරි ක්‍රිකට් තරුවක් ඉතිහාසයේ පළමුවරට LPL සමඟින් එක්වීමට තීරණය කරයි
අශෝක රන්වල ඇතුළු පිරිසකට ප්‍රභූ ආරක්ෂාව ලබා දීලා? ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්
රුපියලේ සුළු සෙලවීමක්
සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි
දුන් පොරොන්දුව රකිමින් දීපා එදිරිසිංහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි