Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොළඹ කොත්තු, යාපනේ කකුළු කරි ලෝකයම හොලවයි!

3 hours ago

ලොව ජනප්‍රියම සංචාරක වෙබ් අඩවියක් වන ‘ට්‍රැවල් ඇන්ඩ් ටුවර් වර්ල්ඩ්’ (Travel and Tour World) මගින් ප්‍රකාශයට පත් කරන ලද ලෝකයේ විශිෂ්ටතම ආහාර සංස්කෘතියක් ඇති රටවල් 50ක ලැයිස්තුවට ශ්‍රී ලංකාව ද ඇතුළත් වී තිබේ.

අදාළ සංචාරක වෙබ් අඩවියේ නවතම ශ්‍රේණිගතකිරීම්වලට අනුව, ලොව රසවත්ම ආහාර සංස්කෘතියට හිමි ප්‍රථම ස්ථානය මෙක්සිකෝව විසින් දිනාගෙන ඇත. අපගේ අසල්වැසි ඉන්දියාවට එහි 5 වැනි ස්ථානය හිමිව ඇති අතර, පාකිස්ථානය 49 වැනි ස්ථානයටත්, ශ්‍රී ලංකාව 50 වැනි ස්ථානයටත් තේරී පත්ව තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට ආවේණික වූ ආහාර සංස්කෘතිය පිළිබඳව මෙම වාර්තාව මගින් විශේෂ අවධානයක් යොමු කර ඇත. ඒ අනුව, පහත සඳහන් දේශීය ආහාර සහ පාන වර්ගවල අසිරිමත් රසය එහි ඇගයීමට ලක් කර තිබේ:

  • මහනුවර: සාම්ප්‍රදායික දේශීය රසකැවිලි
  • යාපනය: සුවඳැති කුළුබඩු පිරි කකුළුවෝ කරිය
  • කොළඹ: රාත්‍රී ජීවිතයේ නොමැකෙන රසය වන කොත්තු රොටී
  • මීගමුව, ගාල්ල සහ ත්‍රිකුණාමලය: මුහුදු මාළු කරිය
  • නුවරඑළිය: සීතල නිවාඩුවකට උණුසුම දෙන තේ කෝප්පය

ශ්‍රී ලංකාවේ පවතින මෙම විවිධාංගීකරණය වූ සහ අද්විතීය ආහාර සංස්කෘතිය, ඉදිරියේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට මෙන්ම විදේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට ද මහඟු පිටුවහලක් වනු ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *