මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ දරුණු කලහකාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, ඒ අනුව මෙම දරුණු ගැටුමෙන් මියගිය සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 31ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මියගිය නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකු ඊයේ (13) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනෙක් නිලධාරියා අද (14) අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔවුන් අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි නිලධාරියෙකු සහ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි නිලධාරියෙකු බවයි පොලිසිය වැඩිදුරටත් අනාවරණය කළේ.
මෙම නවතම මරණ දෙකත් සමග සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ සමස්ත බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ යනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගිය නිලධාරීන් අතර බන්ධනාගාර පොලිස් විශේෂ බුද්ධි ඒකකයේ නිලධාරී පී.ඩී. සන්දික ලෂාන් ගුණවර්ධන මහතා ද වනවා.
ඔහුගේ 7 හැවිරිදි එකම පුංචි පුතු දරුණු හදවත් රෝගයකින් පීඩා විඳින අතර, දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා විශාල මුදලක් වැය වන බවයි ඔහුගේ බිරිඳ මීට පෙර මාධ්‍ය වෙත සඳහන් කළා.
දරුවා සුවපත් කරගැනීමට සිය සැමියා සතු වූ එකම බලාපොරොත්තුව සහ ධෛර්යය ද මේ වන විට අහිමි වී යාමෙන් පීඩාවට පත් එම පවුල දැඩි අසරණ තත්ත්වයකට පත්ව තිබෙනවා.
ජූලි මස 5 සහ 6 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ මෙම දරුණු ගැටුමෙන් තුවාල ලැබූ තවත් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් පිරිසක් තවදුරටත් කොළඹ ජාතික රෝහලේ සහ මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මීගමුවේ බන්ධනාගාරයේ ගැටුමට හේතුව හෙළිවෙයි! “කටුවැල්ලේගම සුරේෂ්” ව්‍යායාම මදි කියා නිලධාරියෙකුට මරණ තර්ජනය කරලා!
කොළඹ කොත්තු, යාපනේ කකුළු කරි ලෝකයම හොලවයි!
අග්‍රාමාත්‍ය හරිනි කටාර් යයි
ට්‍රම්ප් අඩියක් පස්සට ගනී
මීගමුව බන්ධනාගාර ගැටුමේදී වෙඩි තැබූ නිලධාරියාට ස්ථාන මාරුවක්
හෙද, හෙදියන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමට යෝජනාවක්
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ තහනමක් තාවකාලිකව ලිහිල් කෙරේ
පාකිස්තානයේ සුපිරි ක්‍රිකට් තරුවක් ඉතිහාසයේ පළමුවරට LPL සමඟින් එක්වීමට තීරණය කරයි
අශෝක රන්වල ඇතුළු පිරිසකට ප්‍රභූ ආරක්ෂාව ලබා දීලා? ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්
රුපියලේ සුළු සෙලවීමක්
සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි
දුන් පොරොන්දුව රකිමින් දීපා එදිරිසිංහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි