Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අශෝක රන්වල ඇතුළු පිරිසකට ප්‍රභූ ආරක්ෂාව ලබා දීලා? ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්

7 hours ago

ප්‍රභූන් 11 දෙනෙකුට ප්‍රභූ ආරක්ෂාව ලබා දී ඇති බවට පළවූ වාර්තා සම්බන්ධව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (14) පැහැදිලි කිරීමක් සිදු කළේය.

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදිනියක විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ සම්බන්ධව අදහස් පළ කළේය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු කිහිප දෙනෙකුට ප්‍රභූ ආරක්ෂාවක් ලබා දී ඇතැයි පසුගියදා වාර්තා පළ වූ අතර ඒ අතරට අශෝක රන්වල, මොහොමඩ් රිස්වි සාලි, සරත් කුමාර, අජිත් ශාන්ත, රුවන් විජේවීර, තිලංක යූ ගමගේ, සුනිල් බියන්විල, දිනේශ් හේමන්ත, රංජිත් මද්දුමබණ්ඩාර, එච්.ඒ ධර්මසේන, ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු 11 දෙනෙකුට සිටින බවය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ විශේෂ ආරක්ෂක නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධව පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර ඇති බවය.

ඒ අනුව අදාළ පිරිසට කිසිදු ප්‍රභූ ආරක්ෂාවක් සපයා නොමැති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් දන්වා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *