Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අග්‍රාමාත්‍ය හරිනි කටාර් යයි

3 hours ago

කටාර් රාජ්‍යයේ “ෆාදර් එමීර්” (Father Emir) ලෙස ගෞරවයට පාත්‍ර වූ හිටපු නායක ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි (Sheikh Hamad bin Khalifa Al Thani) ගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ බලවත් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (14) පස්වරුවේ කටාර් රාජ්‍යය බලා පිටත්ව ගියා.

කටාර්හි හිටපු නායකයාට අවසන් ගෞරව දැක්වීම උදෙසා සිදු කෙරෙන මෙම සංචාරය, ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය යළි තහවුරු කරන්නක් බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.

එමෙන්ම, මෙම රාජ්‍යතාන්ත්‍රික සංචාරය මඟින් දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියට තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව දක්වන ඉහළ උනන්දුව මැනවින් අවධාරණය කෙරෙන බව ද එම මාධ්‍ය අංශය පැවසුවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *