සැකසූ දියර කිරි වෙනුවෙන් ඇෆ්ලටොක්සින් (Aflatoxin) මට්ටම සම්බන්ධයෙන් නව නියාමනයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්රකාශයට පත් කර ඇත.
2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ (සංශෝධිත) 12(2) වගන්තිය යටතේ නිකුත් කර ඇති මෙම විධානයට අනුව, ශ්රී ලංකා ප්රමිති ආයතනයේ SLS 1815 ප්රමිතියේ සඳහන් උපරිම 0.5 µg/kg (ppb) ඇෆ්ලටොක්සින් සීමාවට අනුකූල නොවන ආකාරයට සැකසූ දියර කිරි නිෂ්පාදනය කිරීම, සෑදීම, ආනයනය කිරීම, ඇසුරුම් කිරීම, සැපයීම, ගබඩා කිරීම, බෙදාහැරීම, ප්රවාහනය කිරීම, විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ ප්රදර්ශනය කිරීම තහනම් බව සඳහන්ය.
එම නියෝගය සියලුම නිෂ්පාදකයින්, සාදන්නන්, ආනයනකරුවන්, ඇසුරුම්කරුවන්, සැපයුම්කරුවන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන්, ප්රවාහනය කරන්නන් සහ වෙළෙන්දන් සඳහා අදාළ වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එම අධිකාරිය විසින් නිවේදනය කරන්නේ, මෙම විධානය 2027 ජනවාරි 8 වැනි දින පටන් බලපැවැත්වෙන බවය.

රෝසි සේනානායකව ජනාධිපති කොමිසමට කැඳවයි
LPL තරගාවලිය ඇරඹීමට හෝරා කිහිපයයි! කණ්ඩායම් හිමිකරුවෙක් අත්අඩංගුවට!
රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනාට අදත් ඇප නෑ
ඉන්ධන QR ක්රමවේදය ගැන දැනුම්දීමක්
පාසල් දරුවන් ගැන පොලිසියෙන් බය හිතෙන අනාවරණයක්! ඔබේ දරුවා ගැනත් අවධානයෙන් ඉන්න!
ටිපර් රථයක් සහ බස් රථයක් ගැටී අතුරුගිරියේ අනතුරක්
නවගමුවේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට
LPL තරගාවලිය අද ඇරඹෙයි! අද තරග වදින කණ්ඩායම් මෙන්න!
මීගමුව බන්ධනාගාර සිද්ධියේ නඩුව යළි කැඳවයි! රැඳවියන්ගේ ඥාතීන් ලබා දුන් සාක්ෂි මෙන්න!
හිටපු පොලිස්පති සී.ඩී. වික්රමරත්න වෙඩි වැදීමෙන් මරුට
2022දී පොහොට්ටුවෙන් තෝරපු පළවෙනියා මම නෙමෙයි.. මම හතරවැනියා.. – හිටපු ජනපති රනිල්
උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්