Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති අනුර සෘජුව මැදිහත් වෙයි

3 hours ago

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බන්ධනාගාර නියාමකවරු, ජේලර්වරු ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ. මේ වන විට සමස්ත බන්ධනාගාර පද්ධතිය තුළ මතුව ඇති විවිධ ගැටලු මෙන්ම, එම ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීම සඳහා ගත යුතු හදිසි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරුණි. විශේෂයෙන්ම, පසුගියදා මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ බරපතළ නොසන්සුන්කාරී සිදුවීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමුවූ අතර, එවැනි අවාසනාවන්ත තත්ත්වයන් ඉදිරියේදී යළි ඇති නොවීම සඳහා ගත යුතු ආරක්ෂිත පියවර සහ සංශෝධන පිළිබඳව දෙපාර්ශ්වය අතර පුළුල් ලෙස සාකච්ඡා වී ඇත.

මීට අමතරව, බන්ධනාගාර නිලධාරීන් මුහුණ දෙන දෛනික වෘත්තීය ගැටලු, සේවා කොන්දේසි සහ ඔවුන්ගේ සුබසාධන කටයුතු නංවාලීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සිය විශේෂ අවධානය යොමු කළේය. තමන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙරට රාජ්‍ය නායකයෙකු වෙත සෘජුවම ඉදිරිපත් කර සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබුණු පළමු අවස්ථාව මෙය බව සිහිපත් කළ බන්ධනාගාර නිලධාරීන්, ඒ වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අවංක කෘතඥතාව සහ ස්තූතිය ද මෙහිදී පළ කර සිටියහ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *