ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බන්ධනාගාර නියාමකවරු, ජේලර්වරු ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ. මේ වන විට සමස්ත බන්ධනාගාර පද්ධතිය තුළ මතුව ඇති විවිධ ගැටලු මෙන්ම, එම ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීම සඳහා ගත යුතු හදිසි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරුණි. විශේෂයෙන්ම, පසුගියදා මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ බරපතළ නොසන්සුන්කාරී සිදුවීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමුවූ අතර, එවැනි අවාසනාවන්ත තත්ත්වයන් ඉදිරියේදී යළි ඇති නොවීම සඳහා ගත යුතු ආරක්ෂිත පියවර සහ සංශෝධන පිළිබඳව දෙපාර්ශ්වය අතර පුළුල් ලෙස සාකච්ඡා වී ඇත.
මීට අමතරව, බන්ධනාගාර නිලධාරීන් මුහුණ දෙන දෛනික වෘත්තීය ගැටලු, සේවා කොන්දේසි සහ ඔවුන්ගේ සුබසාධන කටයුතු නංවාලීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සිය විශේෂ අවධානය යොමු කළේය. තමන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙරට රාජ්‍ය නායකයෙකු වෙත සෘජුවම ඉදිරිපත් කර සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබුණු පළමු අවස්ථාව මෙය බව සිහිපත් කළ බන්ධනාගාර නිලධාරීන්, ඒ වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අවංක කෘතඥතාව සහ ස්තූතිය ද මෙහිදී පළ කර සිටියහ.

Jaffna Kings කණ්ඩායමේ සම හිමිකරු රිමාන්ඩ් කිරීමට නියෝග
නොවැම්බරයේ ඩෙංගු වැඩි වෙයි ද ?
එතෙක් මෙතෙක් ඉතිහාසයේ බිහි වූ සුපිරි ක්රිකට් පුරාවෘත්තයක් වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්රාප්ත වෙයි
හිටපු පොලිස්පති CDගේ සියදිවි නසාගැනීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට වැඩ වරදිනු ලකුණු! මාස 6ක සිරදඬුවම්?
එරංග ගුණසේකරට සහ ජගත් මනුවර්ණට වරෙන්තු
කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ උකුළ මත වාඩි වූ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කරයි
සබන් නිෂ්පාදන ඇසුරුම් වල නිශ්චිත තොරතුරු සඳහන් කිරීම අනිවාර්ය කරමින් අති විශේෂ ගැසට්ටුවක්!
රෝසි සේනානායකව ජනාධිපති කොමිසමට කැඳවයි
සැකසූ දියර කිරි සම්බන්ධයෙන් විශේෂ නියෝගයක්
රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනාට අදත් ඇප නෑ