එළඹෙන නොවැම්බර් මාසය වන විට ඩෙංගු ව්‍යාප්තියේ යළි වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසනවා.
අද මහනුවරදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව පැලවත්ත විජිතපුර ප්‍රදේශයේදී මදුරු කීටයන් බෝවිය හැකි ලෙස පරිශ්‍ර පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයකට කඩුවෙල අධිකරණයේ නඩු පැවරීමටද කටයුතු කෙරුණා.
ගෙවුණු පැය 24 තුළද මෙරටින් ඩෙංගු රෝගීන් 1025ක් වාර්තා වීමත් සමඟ වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73455 ක් දක්වා ඉහළගොස් තිබෙනවා .
මේ අතර ඩෙංගු හේතුවෙන් වසරේ මේ දක්වා කාලය තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාවද 50 දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

Jaffna Kings කණ්ඩායමේ සම හිමිකරු රිමාන්ඩ් කිරීමට නියෝග
එතෙක් මෙතෙක් ඉතිහාසයේ බිහි වූ සුපිරි ක්‍රිකට් පුරාවෘත්තයක් වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි
හිටපු පොලිස්පති CDගේ සියදිවි නසාගැනීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති අනුර සෘජුව මැදිහත් වෙයි
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට වැඩ වරදිනු ලකුණු! මාස 6ක සිරදඬුවම්?
එරංග ගුණසේකරට සහ ජගත් මනුවර්ණට වරෙන්තු
කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ උකුළ මත වාඩි වූ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කරයි
සබන් නිෂ්පාදන ඇසුරුම් වල නිශ්චිත තොරතුරු සඳහන් කිරීම අනිවාර්ය කරමින් අති විශේෂ ගැසට්ටුවක්!
රෝසි සේනානායකව ජනාධිපති කොමිසමට කැඳවයි
සැකසූ දියර කිරි සම්බන්ධයෙන් විශේෂ නියෝගයක්
රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනාට අදත් ඇප නෑ