Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ උකුළ මත වාඩි වූ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කරයි

29 minutes ago

මකුලුගස්වැව පොලීසියේ කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ උකුළ මත වාඩි වීමට උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

පසුගිය 15 වැනි දින දඹුල්ල ගම්උදාව ක්‍රීඩාංගණයේදී පැවැති සංგීත සන්දර්ශනයක් සඳහා විශේෂ ආරක්ෂක රාජකාරි වාර්තා කර සිටි අදාළ පොලිස් කොස්තාපල්වරයා, ඉන් අනතුරුව නැවත රාජකාරි වාර්තා කිරීම සඳහා මකුලුගස්වැව පොලිස් ස්ථානය වෙත පැමිණ ඇත. එම අවස්ථාවේදී, පොලිස් ස්ථානය තුළ තිබූ පුටුවක් මත වාඩි වී සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරිය දැක ඇති සැකකාර නිලධාරියා, ඇය අසලට ගොස් ඇයගේ උකුළ මත වාඩි වීමට උත්සාහ කර තිබේ.

සිදුවූ මෙම අශෝභන සිදුවීම සම්බන්ධයෙන් කාන්තා පොලිස් නිලධාරිනිය, වහාම ක්‍රියාත්මක වී මකුලුගස්වැව පොලිස් ස්ථානාධිපතිවරයා මාර්ගයෙන් ප්‍රදේශය බාර සහකාර පොලිස් අධිකාරිවරයා වෙත නිල වශයෙන් පැමිණිලි කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව සිදුකළ මූලික විමර්ශනවලදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා එම අවස්ථාවේදී අධික ලෙස මත්පැන් පානය කර බීමතින් සිට ඇති බව සනාථ වී තිබේ.

රාජකාරි වේලාව තුළ බීමතින් සිටීම සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියකට බලහත්කාරයෙන් අතවර කිරීමට තැත් කිරීමේ චෝදනා පදනම් කර ගනිමින් අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *