මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීත්‍යානුකූල නොවන වාහන පැවරීමේ කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අදාලව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙක් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසනවා.
ශ්‍රී ලංකා රේගු නිෂ්කාශනයකින් තොරව, රේගු බදු නොගෙවා අනීතික ලෙස මෙරටට ආනයනය කරන ලද මෝටර් රථයක්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර පළමු පැවරුම සිදු කිරීම සඳහා කවුළු අංක ලබා දෙමින්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කිරීම සඳහා කටයුතු කිරීම යන චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර
අග්රභාර රක්ෂණ භාර අරමුදලෙන් නිවේදනයක්
රොෂාන් ධම්මික මීටර් 110 කඩුලු ඉසව්වේ අවසන් තරගයට
රන් මිලෙහි ක්ෂණික ඉහළ යාමක්
මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි
ඩෙංගු රෝගීන් 82,000ක්! අධි අවදානම් කලාප 175ක!
දැඩි ඇප කොන්දේසි මත ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු පිරිසට ඇප
ඩොලරයට අද හිමි වූ වටිනාකම
දිවයිනේ ප්රමුඛ පෙළේ ටියුෂන් ආයතන හිමිකරුවෙකු මත්ද්‍රව්‍ය සමග මාට්ටු
ශ්‍රී ලාංකිකයන්ට ඉන්දීය වීසා නිකුත් කිරීම ලිහිල් කෙරේ! දඹදිව වන්දනාකරුවන්ට නොමිලේ වීසා පහසුකම්!
පැය 24කට වඩා උණ තියෙනවා නම් බලන් ඉන්න එපා! සෞඛ්‍ය අංශවලින් උපදෙස්!
සියලුම රාජ්‍ය ආයතනවල අද සිට ඇරඹෙන විශේෂ සතිය