Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වාසය කළ ජිරාෆ් මිය යයි

3 hours ago

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වාසය කළ එකම ජිරාෆ් සත්ත්වයා මියගොස් ඇති බව ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ආර්. සී රාජපක්ෂ මහතා පැවසීය.

ඊයේ (18) රාත්‍රියේ මියගොස් ඇති මෙම ගැහැණු ජිරාෆ් සත්ත්වයාගේ වසය අවුරුදු තිහක් පමණ බව සඳහන් වෙයි.

මිය යාමට පෙර මෙම ජිරාෆ් සත්ත්වයා සම්බන්ධයෙන් විශේෂ රෝගී තත්ත්වයක් වාර්තා වී නොතිබූ අතර, සත්ත්වයා වයස්ගතවීමත් සමඟ ඇති වූ ස්වභාවික තත්ත්වයක් හේතුවෙන් මෙම මරණය සිදු ව ඇති බව නිරීක්ෂණය වී ඇති බව සඳහන් වෙයි.

අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසා ඇත්තේ සාමාන්‍යයෙන් ජිරාෆ් සත්ත්වයන්ගේ ආයු කාලය වනයේදී වසර 20–25ක් පමණ වන අතර සත්වෝද්‍යාන පරිසරයකදී ඊට වැඩි කාලයක් ජීවත් විය හැකි බවයි.

මේ අතර, වැඩිදුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (19) සිදු කිරීමට නියමිතව ඇත.

සත්වෝද්‍යාන පරිසරයක් තුළදී සත්ත්වයන්ට විලෝපිකයන්ගෙන් ආරක්ෂාව සැලසීම, ඔවුන්ගේ අවශ්‍යතා අනුව පෝෂ්‍යදායී හා සමබර ආහාර ලබාදීම, පිරිසිදු හා සුදුසු වාසස්ථාන පවත්වාගෙන යාම මෙන්ම නිරන්තර අධීක්ෂණය සහ අවශ්‍ය පශු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම හේතුවෙන් මෙම සත්ත්වයා හට වසර තිහකට ආසන්න කාලයක් වැනි දීර්ඝ ආයු කාලයක් භුක්ති විඳීමට හැකියාව ලැබී තිබුණි.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් සත්ත්ව සුබසාධනය, ජාන විවිධත්වය පවත්වා ගැනීම සහ සත්ත්ව සංරක්ෂණය සිදු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන සත්ත්ව හුවමාරු වැඩසටහන් යටතේ, මෙම වසර අවසන් වීමට පෙර නව ජිරාෆ් සතුන් යුගල දෙකක් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *