හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාට එරෙහිව පවතින අධිකරණ ක්‍රියාවලිය විවේචනය වන පරිදි ප්‍රසිද්ධියේ අදහස් පළ කිරීම තුළින් ප්රමුඛ පෙළේ දේශපාලනඥයින් සහ ක්‍රියාකාරිකයින් පිරිසක් අධිකරණයට අපහාස කර ඇති බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අභියාචනාධිකරණය වෙත කරුණු වාර්තා කර තිබෙනවා.
මෙසේ කරුණු වාර්තා කර ඇත්තේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, අසංක නවරත්න මෙන්ම සුගීෂ්වර බණ්ඩාර සහ මහින්ද පතිරණ යන අයට එරෙහිව යි.
අදාළ නඩුව අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින අතරතුර, ඊට බලපෑම් සිදුවන ආකාරයෙන් සහ අධිකරණ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, අදාළ පුද්ගලයින් අධිකරණයට අපහාස කිරීමේ වරද සිදුකර ඇත්දැයි පරීක්ෂා කර සුදුසු නීතිමය පියවර ගැනීම සඳහා ඉදිරි කටයුතු අභියාචනාධිකරණය හමුවේ සිදු වීමට නියමිතයි.

ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි
ලබන වසරේ සිට මෙරට ජනතාවට විදුලි දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව
බදුල්ල රෝහලේ වෛද්‍යවරයාගේ මරණය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරි ඇප මත නිදහස්
ගුරු ස්ථාන මාරු ගැන ඇහෙන අලුත්ම කතාව
සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්
සලේට හානියක් වුණොත් ජනපති ප්රමුඛ ආණ්ඩුව වගකිවයුතු බවට චෝදනාවක්
රට පුරා PHIලා අද වෘත්තීය ක්‍රියාමාර්ගයක
සාගරිකා දුම්රියේ ත්‍රීරෝදරථයක් ගැටෙයි! රියදුරු මරුට! (CCTV දර්ශන)