පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ හිටපු ලේකම් ලබන ඔක්තෝබර් 09 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අද(25) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය ලබා දුන්නා.
මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ලියනාරච්චිගේ සුමතිපාල ලියනාරච්චි නමැති සැකකරුවෙක්.
අල්ලස් පනත යටතේ දූෂණය නමැති වරද සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළා.
විධිමත් ක්‍රමවේදයකින් බැහැරව තෝරාගත් සමාගම් තුනකට පමණක් පොස්පේට් අපනයනය කිරීමට පහසුකම් සලසා දීම සහ අවශ්‍ය ආනයන බලපත්‍ර ලබාගැනීමට ආධාර අනුබල දීම වෙනුවෙන් සැකකරු මෙම රුපියල් ලක්ෂ 81ක අල්ලස් මුදල ඉල්ලා සිය බැංකු ගිණුමට බැර කරවාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මීට අමතරව අදාළ බලපත්‍ර නිකුත් කළ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ටද අල්ලස් ලබාදී ඇති බවට කරුණු හෙළිව ඇති බවත්, ඒ පිළිබඳවද විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බවත් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියා.
එමෙන්ම මෙම මහා පරිමාණ දූෂණ සිද්ධියට අදාළව ඉදිරියේදී තවත් සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි අල්ලස් කොමිසම අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේ.

ඉදිරි අයවැයෙන් පොත් සඳහා වන වැට් බදුවල වෙනසක්
ශිරාන් බාසික්ගේ පියා යළි රිමාන්ඩ්
22ට කථානායකවරයාගේ සහතිකය
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්න්දයෙන් සම්මතයි
නොවැම්බර් 1 වැනිදා සිට සේවා රැසකට TIN සහතිකය අනිවාර්ය කෙරේ
ග්‍රාම නිලධාරීවරයෙකුට පැනවූ බරපතළ වැඩ සහිත වසර 05 ක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
හිටපු ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්
දේශීය සංස්කෘතිය හඳුනාගත් නිර්මාණ වෙනුවෙන් Litmus වෙත SLIM DIGIS සම්මාන හතක්
හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ අත්අඩංගුවට
පළාත් 8ක අද සිට දින තුනක් ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවයි
ජපන් සහ රුමේනියා රැකියා අපේක්ෂිතයන් සඳහා නව නීතියක්
අද කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයි