PickMe, Vision Care, Marmite, Glow & Lovely සහ Knorr සන්නාම වෙනුවෙන් නිර්මාණය කළ ප්‍රචාරණ වැඩසටහන් සඳහා SLIM DIGIS 2.6 සම්මාන උළෙලේදී සම්මාන හතක් දිනාගැනීමට නූතන අලෙවිකරණ සන්නිවේදන ආයතනයක් වන Litmus සමත් විය.
මෙහි විශේෂත්වය වන්නේ දේශීයත්වය මතුපිටින් නිරූපණය කිරීමෙන් ඔබ්බට ගොස්, ජනතාවගේ සංස්කෘතිය, භාෂාව සහ දෛනික ජීවිතය පිළිබඳ සැබෑ අවබෝධයක් මත මෙම ප්‍රචාරණ වැඩසටහන් ගොඩනැගී තිබීමයි.
සාර්ථක අලෙවිකරණයක ආරම්භය වන්නේ මිනිසුන් හඳුනාගැනීම බව Litmus විශ්වාසයයි. ඔවුන් ජීවත් වන ආකාරය, භාෂාව, පුරුදු සහ එදිනෙදා ජීවන රටාව තේරුම් ගැනීම තුළින් නිර්මාණය වන අදහස් ජනතාවට වඩාත් සමීප සහ අර්ථවත් වන බව Litmus ආයතනය විශ්වාස කරයි. මෙවර සම්මානයට පාත්‍ර වූ ප්‍රචාරණ වැඩසටහන් තුළින්ද එම ප්‍රවේශය පැහැදිලිව දැකගත හැක.
දෛනික ගමනාගමනයේදී අපට නිතර හමුවන අත්දැකීම් සහ අභියෝග නිර්මාණාත්මකව ඉදිරිපත් කරමින්, ජනතාවගේ දෛනික ජීවිතයට සමීප වූ “Ride That Redefined Mobility” ප්‍රචාරණ වැඩසටහන PickMe වෙනුවෙන් නිර්මාණය කෙරුණකි. විවිධ මාධ්‍ය ඔස්සේ එදිනෙදා ගමනාගමනය පිළිබඳ ජනතාවට හුරුපුරුදු අත්දැකීම් නව ආකාරයකින් ඉදිරිපත් කෙරුණ මෙම ප්‍රචාරණයට, ඒ වෙනුවෙන් සම්මාන දෙකක් හිමි විය.
භාෂාවක් පරිවර්තනය කිරීමෙන් පමණක් ප්‍රජාවක් හඳුනාගත නොහැකි බව පෙන්වා දෙමින්, Vision Care වෙනුවෙන් නිර්මාණය කළ “Embracing Culture” ප්‍රචාරණ වැඩසටහන උතුරු ප්‍රදේශයේ දෙමළ සහ නැගෙනහිර ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාවන්ගේ භාෂා ව්‍යවහාර, ප්‍රාදේශීය අනන්‍යතා සහ සංස්කෘතික ලක්ෂණ සමීපව අවබෝධ කරගනිමින් ගොඩ නැගූ අතර එය “Best Use of Creative Content” සම්මානය දිනාගන්නා ලදී.
පාරිභෝගිකයන් අතර එදා මෙදාතුර හුරුපුරුදු සන්නාමයක් වන Marmite, වර්තමාන ආහාර රටාවන් සමග නැවත යා කරමින් “Eat. React. Repeat.” ප්‍රචාරණ වැඩසටහන නිර්මාණය කෙරිණි. Anudi, Ashanya, Sasha, Damith සහ Gangulee ඇතුළු වත්මන් ජනප්‍රිය චරිත එක්කරගනිමින්, Marmite රසය වටා ගොඩනැගෙන විවිධ ප්‍රතිචාර සහ අත්දැකීම් නිර්මාණාත්මක අන්තර්ගතයක් බවට පත් කළ මෙම වැඩසටහනට සම්මාන දෙකක් හිමි කරගන්නට හැකිවිය.
නල්ලූර් උත්සව සමය වටා ගොඩනැගෙන සුවිශේෂී සංස්කෘතික අත්දැකීම හඳුනාගනිමින් Glow & Lovely වෙනුවෙන් “It’s Purple for Nallur” ප්‍රචාරණ වැඩසටහන නිර්මාණය කෙරිණි. නල්ලූර් උත්සවය පමණක් කේන්ද්‍ර කරගැනීම වෙනුවට, ඒ හා බැඳුණු වර්ණ, ජනප්‍රිය චරිත සහ ජනතාවගේ අත්දැකීම් සමග සන්නාමය සම්බන්ධ කරමින් නිර්මාණාත්මක අන්තර්ගත රැසක් ගොඩනැගූ අතර, වීදි චිත්‍ර සහ ජනතාව සෘජුව සම්බන්ධ කරගත් ක්‍රියාකාරකම්ද එහි අංග බවට පත්විය.
Knorr වෙනුවෙන් ක්‍රියාත්මක කළ ඉෆ්තාර් ප්‍රචාරණ වැඩසටහනද ආහාර කලාව වටා පමණක් සීමා නොවී, ඉෆ්තාර් සමග බැඳුණු බෙදාහදා ගැනීමේ සංස්කෘතිය, පවුලේ බැඳීම් සහ එකට එක්වීමේ වටිනාකම ඉස්මතු කළේය. ඒ හරහා ආහාර වේලක් පමණක් නොව, මිනිසුන් එකට එක් කරන අවස්ථාවක් ලෙස ඉෆ්තාර් අත්දැකීම නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමට හැකි විය.
මෙම ප්‍රචාරණ වැඩසටහන් සියල්ල පිටුපස තිබුණේ එකම අදහසකි. එනම්, සංස්කෘතිය තේරුම් ගැනීමෙන් ආරම්භ කර, ඒ තුළ මිනිසුන්ට පොදු සැබෑ අත්දැකීම් හඳුනාගෙන, ඔවුන්ගේ ජීවිතයට සමීප වන නිර්මාණාත්මක අදහසක් බවට එය පත් කිරීමයි.
නිර්මාණශීලීත්වයට වගේම ප්‍රතිඵලවලටත් ඇගයීමක්
මෙවර DIGIS සම්මාන හිමිවන්නේ නිර්මාණශීලීත්වය සමග අලෙවිකරණ ප්‍රතිඵල අතින්ද Litmus සාර්ථකත්වයක් අත්කරගෙන ඇති පසුබිමකය. Sunsilk, PickMe, Vaseline සහ Knorr සන්නාම වෙනුවෙන් සිදු කළ ප්‍රචාරණ වැඩසටහන් සඳහා Litmus මේ වසරේදී Effie සම්මාන 11ක්ද දිනාගෙන තිබේ.
මිනිසුන් සමග සම්බන්ධ වන නිර්මාණශීලී අදහස් සන්නාමවල අරමුණු සාර්ථක කරගැනීමටද දායක විය යුතු බව Litmus මෙතෙක් සිදු කරන ලද වැඩසටහන් තුළින් පැහැදිලි වේ. DIGIS සහ Effie සම්මාන ඔස්සේ ලැබුණු මෙම ඇගයීම්, නිර්මාණශීලීත්වයට මෙන්ම එයින් ලැබෙන ප්‍රතිඵලවලටද අවධානය යොමු කරමින් සිදු කරන කාර්යයන් සඳහා ලැබුණු පිළිගැනීමක් ලෙස සැලකිය හැකිය.
ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමග ගොඩනැගුණු ගමනක්
2017 වසරේදී ආරම්භ වූ Litmus, ඩිජිටල් සන්නිවේදනය මූලික කරගනිමින් දේශීය සහ බහුජාතික සන්නාම සමග කටයුතු කරන අලෙවිකරණ සන්නිවේදන ආයතනයකි.
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල මිනිසුන් කතා කරන ආකාරය, ජීවත් වන ආකාරය සහ ඔවුන්ගේ ජීවන රටාව තේරුම් ගැනීම Litmus හි විශේෂත්වයයි. ඒ නිසාම දේශීය භාෂා සහ සංස්කෘතියට සමීපව අදහස් ගොඩනැගීමටත්, උතුර සහ නැගෙනහිර ඇතුළුව දිවයින පුරා විසිරී සිටින නිර්මාණශීලී පිරිස් සමග එක්ව වැඩ කිරීමටත් ආයතනය අවධානය යොමු කරයි.
Litmus හි ප්‍රාදේශීය සන්නිවේදනය යනු එක භාෂාවක පණිවිඩයක් තවත් භාෂාවකට පරිවර්තනය කිරීමක් නොවේ. එය එම ප්‍රදේශයේ මිනිසුන්ගේ භාෂාව, සංස්කෘතිය සහ ජීවන අත්දැකීම් තුළින්ම අදහස් ගොඩනැගීමකි. විවිධත්වයෙන් පිරුණු ශ්‍රී ලංකාව තුළ සන්නාම මිනිසුන්ගේ ජීවිතයට තවත් සමීප කිරීම Litmus හි අරමුණ වන අතර, මෙවර ලැබුණු සම්මාන හත එම ගමනේ තවත් වැදගත් පියවරකි.
Litmus පිළිබඳව
2017 වසරේදී ආරම්භ වූ Litmus, ඩිජිටල් සන්නිවේදනය මූලික කරගත් නූතන අලෙවිකරණ සන්නිවේදන ආයතනයකි. ශ්‍රී ලාංකේය භාෂා, සංස්කෘතිය සහ පාරිභෝගික අවබෝධය ගැඹුරින් හඳුනාගනිමින්, දේශීය මෙන්ම බහුජාතික සන්නාම සඳහා ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන ඒකාබද්ධ අලෙවිකරණ සන්නිවේදන විසඳුම් නිර්මාණය කරයි.

හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ අත්අඩංගුවට
පළාත් 8ක අද සිට දින තුනක් ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවයි
ජපන් සහ රුමේනියා රැකියා අපේක්ෂිතයන් සඳහා නව නීතියක්
අද කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයි
22 ගැන පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද පස්වරුවේ
භාණ්ඩාගාර බිල්පත් පොලියේ වැඩිවීමක්
කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්
ප්‍රදේශ රැසකට නායයෑම් රතු නිවේදන නිකුත් කරයි
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන අයට විශේෂ දැනුම්දීමක්
ජානකී සිරිවර්ධන රිමාන්ඩ්
පොලීසියේ ASP තනතුරෙන් පහළ නිලධාරීන්ට විද්‍යුත් යතුරුපැදි 65,000 ක්
ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් වෙනත් දිනයක් ඉල්ලයි