Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජපන් සහ රුමේනියා රැකියා අපේක්ෂිතයන් සඳහා නව නීතියක්

4 minutes ago

ජපන් සහ රුමේනියා රාජ්‍යයන්වල ප්‍රථම වරට රැකියා සඳහා විදේශගත වීමට අපේක්ෂා කරන සියලුම ශ්‍රමිකයන් සඳහා ‘පෙර විගමණික’ පුහුණු පාඨමාලාවක් හැදෑරීම අනිවාර්ය කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.

මෙම නව නීතිය යටතේ, ඉකුත් (15) වැනිදා සිට ක්‍රියාත්මක බව ද එම කාර්යාංශය සඳහන් කරනවා.

කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගැනීමට පෙර මෙම පුහුණු පාඨමාලාව සම්පූර්ණ කිරීම අනිවාර්ය කර ඇති බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

ප්‍රථම වරට විදේශගත වන ජපන් සහ රුමේනියා රැකියා අපේක්ෂිතයන් සඳහා පමණක් මෙම නීතිය බලපාන අතර, අදාල රටවල සියලුම රැකියා කාණ්ඩ සඳහා මෙම පෙර විගමණික පුහුණුව අදාල වන බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

ඒ අනුව, එම පුහුණු පාඨමාලාවල කාලසීමාව සහ පැවැත්වෙන ස්ථාන පහත පරිදි වෙයි.

• ජපන් රැකියා අපේක්ෂිතයන් සඳහා: දින 02ක පුහුණු පාඨමාලාවක් (සැප්තැම්බර් 01 වන දින සිට ආරම්භ කර ඇත).

• රුමේනියා රැකියා අපේක්ෂිතයන් සඳහා: දින 03ක පුහුණු පාඨමාලාවක් (සැප්තැම්බර් 03 වන දින සිට ආරම්භ කර ඇත).

මෙම පාඨමාලා පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානයේ දී සහ සබරගමුව පළාත් විගමනික සම්පත් මධ්‍යස්ථානයේ පිහිටි පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වනු ලබන අතර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සියලුම ශාඛා කාර්යාලවලින් මේ සඳහා ලියාපදිංචි වීමේ පහසුකම සලසා දී ඇති බවයි එම කාර්යාංශය සඳහන් කරන්නේ.

එමෙන්ම, මෙම පුහුණු පාඨමාලාව සඳහා නියමිත පුහුණු ගාස්තුවක් අය කෙරෙන බවද සඳහන්.

පාඨමාලාව තුළින් ආවරණය වන කරුණු

මෙම රටවල රැකියා සඳහා විදේශගත වන ශ්‍රමිකයන්ට අදාල රටවල සංස්කෘතිය, නීතිරීති, සමාජ සංස්කෘතිය, ආගම, මුදල් පරිහරණය සහ රැකියා ස්ථානයේ හැසිරීම ඇතුළු වැදගත් තොරතුරු මෙම පුහුණු කාලය තුළදී ලබා දීමට කටයුතු යොදා ඇති බව එම කාර්යාංශය සඳහන් කරනවා.

ඒ අනවු, ඒ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු දැන ගැනීමට අපේක්ෂා කරන අයැදුම්කරුවන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කර්මාන්ත හා ආයතනික පුහුණු අංශයේ 0112366457 හෝ 1989 යන දුරකථන අංක ඇමතීමට මෙන්ම wwwඩොට්slbfeඩොට්lk වෙබ් අඩවිය වෙත පිවිසීමට ද හැකියාව ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *