Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

භාණ්ඩාගාර බිල්පත් පොලියේ වැඩිවීමක්

20 seconds ago

මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් ඊයේ (23) දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි සුළු ඉහළ යාමක් වාර්තා වී තිබේ.

ඒ අනුව දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 9.18% සිට 9.20% දක්වා පදනම් අංක 2කින්, දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 9.36% සිට 9.37%ක් දක්වා පදනම් අංක 1කින් සහ දින 364 බිල්පත් ඵලදා අනුපාතිකය 9.88% සිට 9.93%ක් දක්වා පදනම් අංක 5කින් ඉහළ ගොස් ඇත.

මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 60,000ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර රු. මිලියන 144,557ක ලංසු ප්‍රමාණයක් ඒ සඳහා ලැබී තිබුණි. වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබූ ප්‍රමාණයට සමපාත වන අයුරින් රු. මිලියන 60,000ක ලංසු අනුමත කිරීමට රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය එහිදී කටයුතු කර තිබුණි.

මේ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *