Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බුදුන්වහන්සේට අවමන් කරමින් වෛරය වැපිරවූ තරුණයාට වැඩ වරදී

1 hour ago

බුදුදහමට අපහාසාත්මක ලෙස වට්ස්ඇප් සමූහයක් නිර්මාණය කර, දිවයිනේ ප්‍රධාන පූජනීය ස්ථාන වෙත ප්‍රහාර එල්ලකරන බවට ප්‍රචාරය කළ ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

රංගිරි දඹුලු විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ධානියගම ආනන්ද හිමියන් විසින් දළදා මාළිගාව, ජය ශ්‍රී මහා බෝධිය, ථූපාරාමය සහ දඹුලු විහාරය ඇතුළු පූජනීය ස්ථානවලට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට වට්ස්ඇප් මගින් කෙරෙන ප්‍රචාරයන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

සැකකරුගේ ජංගම දුරකථනයේ තිබී බුදුරජාණන් වහන්සේගේ රුව විකෘති කරන ලද ඡායාරූප කිහිපයක් සොයාගෙන ඇති අතර, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි ප්‍රහාර එල්ල කරන බවට කළ ප්‍රචාරයන් හුදෙක් විනෝදාස්වාදය සඳහා සිදුකළ බව සැකකරු පවසා ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *