Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනතා මුදල් වංචා කරන ව්‍යාජ කෙටි පණිවිඩයක් ගැන නිවේදනයක්

6 minutes ago

ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශය මඟින් වේග සීමා උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන දඩ මුදල් ගෙවන ලෙස දන්වමින් ජනතාව වෙත ලැබී ඇති කෙටි පණිවුඩ (SMS / iMessage) සහ ඒ සමඟ ඇති ‘GovPay’ සබැඳි (Links) සම්පූර්ණයෙන්ම අසත්‍ය, ව්‍යාජ සහ ජනතාව නොමඟ යැවීම සඳහා සිදුවනු ලබන සයිබර් වංචාවක් වන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ සඳහන් කරනවා.

එබැවින්, කිසිදු දඩ මුදලක් ගෙවීම සඳහා ‘GovPay’ නිල වේදිකාව හැර මෙවැනි කෙටි පණිවුඩ හෝ දුරකථන මඟින් නිකුත් කිරීමට අමාත්‍යාංශය හෝ කිසිදු ආයතනයක් කටයුතු කර නොමැති බව ද එම අමාත්‍යාංශය පවසනවා.

‘GovPay’ ඩිජිටල් ගෙවීම් පද්ධති ක්‍රියාත්මක වන්නේ රජයේ අනුමත නිල සහ ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ පමණක් වන අතර, මෙවැනි ප්‍රාදේශීය හෝ සංස්කෘතික වෙබ් අඩවි සබැඳි (නිදසුන් ලෙස lygovඩොට්art වැනි ව්‍යාජ කෙටිඩෝමීන්) හරහා කිසිදු දඩ මුදලක් අය කිරීමක් සිදු නොකරන බවද එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

මෙම වංචනික පණිවුඩ මඟින් පුරවැසියන්ගේ පුද්ගලික තොරතුරු සහ බැංකු ගිණුම් මුදල් සූක්ෂම ලෙස ලබා ගැනීමට උත්සාහ වන බැවින්, මෙවැනි පණිවුඩ වෙත ප්‍රතිචාර දැක්වීමෙන් හෝ ඒවායේ ඇති සබැඳි (Links) වලට ඇතුල්වීමෙන් සූක්ෂමව වළකින ලෙස මහජනතාවගෙන් එම අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා.

රජයේ හෝ නීතිමය ආයතනවල නමින් ලැබෙන මෙවැනි සංස්කෘතික දැනුම්දීම් පිළිබඳව අතිශයෙමින් ප්‍රවේශම් වන ලෙසත්, රජයේ නිල සේවා ලබා ගැනීම සඳහා නිල වෙබ් අඩවි (govඩොට්lk) පමණක් භාවිත කරන ලෙසත් එම අමාත්‍යාංශය ජනතාවට දන්වා සිටිනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *