Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බෙංගාල බොක්ක ආශ්‍රිතව කැලඹිලි තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීම්

47 minutes ago

ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ අන්දමන් මුහුද ආශ්‍රිතව නොවැම්බර් 11 වන විට කැලඹිලි තත්ත්වයක් හටගෙන, 13 වන විට අඩු පීඩන කලාපයක් බවටත්, 15 වන විට පීඩන අවපාතයක් බවටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පවසයි.

අද (08) පස්වරු 1.00න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවන අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, කුරුණෑගල දිස්ත්‍රික්කවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැක.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව පැයට කිලෝමීටර් 60-70 දක්වා තද සුළං හැමිය හැකි බැවින්, මුහුදු යන ධීවර හා නාවික ප්‍රජාව මෙන්ම බෙංගාල බොක්කේ නිරත පිරිස් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *