Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ආදරයක් සොයන ශ්‍රී ලාංකික තනිකඩයින්ටත් සියලුම වියදම් සහිතව ෆින්ලන්තයට යන්න සුපිරි අවස්ථාවක්! අයැදුම් කරන ආකාරය මෙන්න!

33 minutes ago

ලෝකයේ සතුටුම රට ලෙස සැලකෙන ෆින්ලන්තයෙන් ලොව පුරා තනිකඩයින්ට අපූරු ආරාධනාවක් ලැබී තිබේ.

ඒ, සම්පූර්ණයෙන්ම නොමිලේ ක්‍රියාත්මක වන සංචාරයක් සමගම එරටින් ආදරවන්තයා හො ආදරවන්ති සොයා ගැනීමට මෙන්ම එරට ආහාර සංස්කෘතිය අත්විඳීමට අවස්ථාව ලබා දෙමිනි.  

ආදරය සොයන ලොව පුරා තනිකඩයින්ට ෆින්ලන්තයෙන් නොමිලේ සංචාරයක්:

“Finnish Dinner Date” විශේෂ ව්‍යාපෘතිය ඇරඹේ!

ලෝකයේ සතුටුම රට වන ෆින්ලන්තයේ සංචාරක මණ්ඩලය විසින් ලොව පුරා සිටින තනිකඩයින් සඳහා අමතක නොවන අත්දැකීමක් ලබා දීමේ අරමුණින් නව සංචාරක ව්‍යාපෘතියක් හඳුන්වා දී තිබේ.

“Finnish Dinner Date” ලෙස නම් කර ඇති මෙම වැඩසටහන යටතේ ලොව පුරා තනිකඩ පුද්ගලයින් 16 දෙනෙකු සම්පූර්ණයෙන්ම නොමිලේ (ගුවන් ගමන්, නවාතැන්, ආහාර සහ ක්‍රියාකාරකම් ඇතුළුව සියලු වියදම් ආවරණය වන පරිදි) ෆින්ලන්තය වෙත කැඳවනු ලැබේ.  

මෙම විශේෂ සංචාරය 2027 පෙබරවාරි 09 සහ 19 අතර කාලය තුළ පැවැත්වීමට නියමිතය.  

මෙහි ප්‍රධාන අංගය වන්නේ එරට අගනගරය ව නහෙල්සින්කි (Helsinki) සහ ටැම්පරේ (Tampere) යන නගරයන් හිදී පැවැත්වෙන විශේෂ රාත්‍රී භෝජන සාග්‍රහයන්ය.

එහිදී ජාත්‍යන්තර සහභාගීවන්නන් ෆින්ලන්තයේ ප්‍රදේශවාසී තනිකඩයින් මුණගැසෙනු ඇත.  

එමෙන්ම එරට ප්‍රමුඛ පෙළේ කෝකිවරුන් විසින් සකස් කරන ලද මාළු, බෙරි වර්ග සහ හතු වැනි දේශීය ආහාර අඩංගු විශේෂ ආහාර වට්ටෝරු  භුක්ති විඳීමට සහභාගීවන්නන්ට අවස්ථාව ලැබේ.  

ෆින්ලන්තයේ සුපිරි වෙළෙඳසැල්වල තනිකඩයින් සඳහා හඳුන්වා දී ඇති රෝස පැහැති “සිංකුකෝරි” (Sinkkukori – තනිකඩ කූඩ) නම් ජනප්‍රිය පෙම් සෙවීමේ ක්‍රමවේදයෙන් (Dating trend) හරහා මෙම ව්‍යාපෘතිය නිර්මාණය කර ඇත.

සහභාගී වන්නේ කෙසේද සහ නීති රීති මොනවාද?

ෆින්ලන්තයේ පදිංචිකරුවන් නොවන, ලෝකයේ ඕනෑම රටක සිටින වයස අවුරුදු 18 ට වැඩි තනිකඩ පුද්ගලයින්ට තනි තනිව අයැදුම් කළ හැකිය. 
 
අයැදුම් කළ යුතු ආකාරය

“ඔබ රාත්‍රී භෝජන සංග්‍රහයකට පිරිනමන්නේ කුමක්ද ? සහ එයට හේතුව කුමක්ද?” (What would you serve on a dinner date, and why?) යන ප්‍රශ්නයට පිළිතුරු සපයමින් ඉංග්‍රීසි භාෂාවෙන් කෙටි වීඩියෝවක් සකස් කරන්න.  

#FinnishDinnerDate යන හැෂ්ටැගය (Hashtag) භාවිතා කරමින් සහ VisitFinland ටැග් කරමින් TikTok, Instagram හෝ YouTube වැනි ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ගිණුමක එම වීඩියෝව පළ කරන්න.  

අනතුරුව VisitFinland නිල වෙබ් අඩවිය හරහා ඔන්ලයින් අයැදුම්පත්‍රය පුරවා ඔබේ වීඩියෝවේ ලින්ක් එක (Link) එයට ඇතුළත් කරන්න.

අයැදුම් කිරීම සඳහා අවසාන දිනය වන්නේ 2026 නොවැම්බර් 10 වැනි දින ෆින්ලන්ත වේලාවෙන් පෙ.ව. 11:59 දක්වා වේ.

තෝරාගත් වාසනාවන්තයින් 16 දෙනාගේ නම් 2026 දෙසැම්බර් 1 වන දින Visit Finland හි නිල සමාජ මාධ්‍ය නාලිකා හරහා ප්‍රසිද්ධියට පත් කෙරේ.  

ෆින්ලන්ත සංචාරක බලධාරීන් පවසන පරිදි, මෙම සංචාරය හරහා සහභාගීවන්නන්ට ආදරය පමණක් නොව, ෆින්ලන්ත ආහාර සංස්කෘතිය සහ අමතක නොවන සංචාරක අත්දැකීමක්ද උරුම වනු ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *