Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වහලයට කඩා වැටුණු බැලූනයක් හේතුවෙන් නිවසක් ගිනි ගෙන අලු වෙයි

3 years ago

යාපනය වැල්වෙට්ටිතුරෙයි මුත්තුමාරී අම්මාන් කෝවිලේ ඊයේ (06) පැවති පූජාවක් අතරතුර ගුවන් ගත කළ බැලූනයක් ගිනි ගෙන දැවී නිවසක් මතට කඩා වැටීම නිසා එම නිවස ගිනිගෙන විනාශ වී ගොස් තිබේ.

එම බැලූනය ගුවනට යවා විනාඩි තිහකට පමණ පසුව ගිනි ගෙන වැටී ඇත්තේ යාපනයේ පේදුරුතුඩුව තුඹලෙයි ප්‍රදේශයේ පිහිටි නිවසක වහලයක් මතටය.

ඒ හේතුවෙන් නිවසේ වහලය ගිනි ගැනීමෙන් පසුව නිවසටද ගිනි ඇවිලී නිවස විනාශ වී ගොස් තිබේ.

වැල්වෙටිතුරේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

බැලුනය යවන ලද අවස්ථාවේදී කෝවිල තුළ දෙදහසක් පමණ බැතිමතුන් සිට ඇති අතර ඔවුන් බැලුනය කඩා වැටෙනු දැකීමෙන් පසුව එම ප්‍රදේශයට ගොස් ඇතත් ඒ වන විට බැලූනය කඩා වැටුණු නිවසේ වහලයට ගිනි ඇවිලී නිවසද ගිනිගෙන තිබුණු බව කෝවිලේ බාරකරුවන් පොලීසියට ප්‍රකාශ කොට තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *