ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ ගිනි ගෙන විනාශ වූ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ වන්දි මුදලින් කොමිස් ලබා ගත්තේ තමන් නොවන බවත් , එම ප්‍රකාශ වලට එරෙහිව එංගලන්තයේ සිට ක්‍රියාත්මක වන වෙබ් අඩවියට එරෙහිව තමන් , එරටට ගොස් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ බවත් ගෝලීය ශ්‍රී ලාංකික කොංග්‍රසයේ නායක මංජු නිශ්ශංක මහතා කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ඊයේ (09) සවස ප්‍රකාශ කළා.
පසුගිය දින වල අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ මෙම නෞකාවෙන් ශ්‍රී ලංකාවට අයවිය යුතු වන්දි මුදල ලබා ගැනීම වැලැක්වීම සදහා එම සමාගමෙන් චාමර ගුණසේකර නැමැති පුද්ගලයෙකු කොමිස් මුදලක් ලබා ගෙන ඇති බවයි.
එහිදී ලංකා ඊ.නිවුස් වෙබ් අඩවිය වාර්තා කර සිටියේ චාමර ගුණසේකර යනු මංජු නිශ්ශංක බවයි.
මෙම ප්‍රකාශයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සදහා තමන් ලන්ඩන් නුවර දින 05 ක කාලයක් ගත කළ බවත් එම කටයුතු සාර්ථක ලෙස නිමා කිරීමෙන් පසුව තමන් මෙසේ යළි ශ්‍රී ලංකාව වෙත පැමිණි බව ද මංජු නිශ්ශංක මහතා පැවසුවා.
ලංකා ඊ.නිවුස් වෙබ් අඩවිය එංගලන්තයේ පදිංචිකරුවෙකු විසින් එරට පවත්වා ගෙන යන බැවින් තමන් ද එංගලන්තයේ ලන්ඩන් වෙත ගොස් මෙම අධිකරණමය ක්‍රියාමාර්ග වෙත එළඹි බව හෙතෙම වැඩිදුරටත් පැවසුවා.
තමන් මෙම ප්‍රකාශය සාවද්‍ය බවට පිළිගෙන පොදු ප්‍රකාශයක් සිදු කිරීම සහ තම කීර්තිනාමයට වූ හානියට වන්දියක් ලබා ගැනීම මෙම නඩු පැපැවරීම මගින් තමන් ලන්ඩන් අධිකරණයෙන් අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් සඳහන් කළා.
කටුනායක – ටී.කේ.ජී.කපිල


10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
ගවේෂණ ළිං 4න් 2ක් සාර්ථකයි! මන්නාරමෙන් හමුවූ ගෑස් ගැන අලුත්ම අනාවරණයක් !
කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකුගේ කනක් තවත් රැඳවියෙකු කපා දාලා
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ඉහළ දැමීම ගැන පැතිරෙන පුවත පිළිබඳව දැනුම්දීමක්
ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
සෙවණගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසාදැමේ
උපාධිය ගන්න පැමිණි පෙම්වතිය පැහැරගන්න පෙම්වතා දැරූ උත්සහාය වරදියි
තවත් සංවිධාන අපරාධකරුවෙක් ඩුබායි හිදී අත්අඩංගුවට
පොල් පලදාව පහළට
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී