බටහිර ඉන්දීය කොදෙව් හිටපු නායකයෙකු වන ඩැරන් සැමී කොදෙව් සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.
වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කළ Andre Coley කොදෙව් ටෙස්ට් කණ්ඩායමේ හා කොදෙව් A කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඩැරන් සැමීගේ නායකත්වය යටතේ කොදෙව් කණ්ඩායම 2012 හා 2016 වසරවලදී 20යි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත් විය.
ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන පළමු අවස්ථාව මෙයයි.
ඔහු මීට පෙර කැරිබියන් ප්‍රිමියර් ලීග් හා පාකිස්තාන සුපර් ලීග් තරගාවලියන් හී දී පුහුණුකරු ධුරයන් දරා තිබෙනවා.
ඔහුගේ පුහුණුකාරිත්වය යටතේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මුහුණ දෙන පළමු තරඟාවලිය බවට පත්වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියයි.


ලබන 15 වනදා සිට දින 7ක විශේෂ වැඩසටහනක්
බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළට
පොලී අනුපාතික තවදුරටත් ඉහළට
අමෙරිකාවෙන් ඉරානයට නැවතත් ප්‍රහාර මාලාවක්
මහ බැංකුවෙන් පාර්ලිමේන්තුවට පාඩමක්
රුමේෂ් තරංග ලෝකයෙන්ම 3වැනි ස්ථානයට
මහ බැංකු තීරණයෙන් පසු ඩොලරයේ සිදු වූ වෙනස
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති පුටුව ඩිමාල් අරන්දර
විමල් වීරවංශගේ සහෝදරයාට රටින් යෑම තහනම් කරයි
මා ඔය පාලම මතින් යන වාහන වලට දැනුම්දීමක්
ගෝල්ෆේස් මුහුදු තීරයේ ඛේදවාචකයක්! සිසුන් තිදෙනෙක් ගසාගෙන යයි!
පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවයි