අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව සියලු උපකාරක පන්ති පැවැත්වීම මෙම මස 23 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වනදා සිට ජුනි මස 08 වන දින දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිතය.
ඒ අනුව 23 වනදා සිට විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම එම පන්ති මෙහෙයවීම විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ, වැඩමුළු පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් වෙයි.
එමෙන්ම අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදාහැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම ද සපුරා තහනම් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
කිසියම් තැනැත්තෙකු අදාළ නියෝග කඩ කරමින් කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම්දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දැනුම්දෙයි.


ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
කොළඹදී ඇල්ලු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 463ක සිද්ධියට පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තවත් තුනක් අත්අඩංගුවට
ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර දිවි ගමනට සමුදෙයි
රවී කරුණානායකට ලෙඩ ගොන්නක්! ඇප ලැබුණ හැටි මෙන්න!
22ට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි! විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
පාන් මිල ඉහළට
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කලින් ඉවර වෙනවා – වජිර
ඉන්දියානු ජනතාවගෙන් ගාල්ල ජාතික රෝහලට ලැබුණු පරිත්‍යාගය
අගමැති හරිනි භූතානය බලා පිටත්ව යයි
ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අයකිරීමට ගත් තීරණය අහෝසි කරමින් නියෝගයක්