ඝාතනය කර වළදමන්නට ඇතැයි සැකකෙරෙන දෙදරු මවකගේ මළ සිරුරක් අනුරාධපුර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර තිබෙනවා.
මෙලෙස ගොඩගෙන ඇත්තේ විජේපුර – පණ්ඩුකාභය මාවතේ පදිංචිව සිටි අවුරුදු 50ක් පමණ වයසේ පසු කාන්තාවකගේ මළ සිරුරක් බවයි වාර්තා වන්නේ.
ඝාතනයට ලක්ව ඇති බවට සැකකෙරන අදාළ කාන්තාව මීට වසර 09කට පමණ පෙර සිය නීත්‍යනුකූල සැමියා සහ දරුවන්ගෙන් වෙනත් පුද්ගලයෙකු සමඟ පැමිණ අනුරාධපුර – විජයපුර ප්‍රදේශයේ නිවසක එකට ජීවත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අදාළ කාන්තාවගේ මරණය සම්බන්ධයෙන්, අවුරුදු 39ක දෙවන සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අසනීප තත්ත්වයක් හේතුවෙන් නිවස තුළදීම මෙම කාන්තාව ජීවිතක්ෂයට පත් වූ බවත් අනතුරුව ඇයගේ සිරුර ගෙවත්තේම වළ දැමූ බවත් සැකකාර දෙවන සැමියා මියගිය කාන්තාවගේ බාල සහෝදරයාගේ බිරිඳට පවසා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සැකකාර දෙවන සැමියා අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා අනුරාධපුර පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.
මෙම මරණය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර පොලිසිය විසින් සිදුකරනු ලබනවා.


අඩි 1450 ක් ඉහළට නැඟ, විවාහ යෝජනාවක් කළ රුසියානු යුවළක් පොලිස් අත්අඩංගුවට
පාසල් සිසුන්ට දුම්වැටි අලෙවිකළ වෙළෙඳසැල් හිමියන් පිරිසකට වැඩ වරදී
ඩෙංගු රෝගීන් පනස් හයදහස පන්නයි
තායිලන්තයේදී 11 හැවිරිදි දරුවෙකු පැදවූ රථයක ගැටී භික්ෂූන් වහන්සේලා 8 නමක් අපවත් වෙති! 13කට බරපතළයි!
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස පහළට
ආන්දෝලනයට තුඩුදුන් ප්‍රසිද්ධ කොත්තු අවන්හල් ජාලය පිළිබඳව විමර්ශනයක්! කම්කරු නියෝජ්‍ය ඇමැතිගෙන් උපදෙස්!
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගෙන් CIDයට පැය 4ක ප්‍රකාශයක්
අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස පත් කෙරේ
වැඩිහිටි දීමනාව පිළිබඳව දැනුම්දීමක්
පාකිස්තාන ආරක්ෂක ලේකම් දිවයිනට
හිටපු ඇමති එස්.එම්.චන්ද්‍රසේනට අධි චෝදනා භාර දෙයි
ඔබේ දරුවන් ගැන අවධානයෙන් ඉන්න! නව යොවුන් වියේ දරුවන් බරපතළ අවදානමක!