Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වෘත්තීය සමිති හාන්සි කරන නව කම්කරු නීති

3 years ago

නව කම්කරු නීතියට අනුව වෘත්තීය සමිතියක් පිහිටුවීමට අවම සාමාජික සංඛ්‍යාව 100 දක්වා ඉහළ දමා ඇති බවත් විධායක සභාවට සියයට 25%ක කාන්තා නියෝජනයක් අනිවාර්ය කර ඇති බවද අමාත්‍ය මනුෂ නානායක්කාර සදහන් කරයි.

පවතින කම්කරු නීතිය හඳුන්වාදෙන අවස්ථාවේදී රටේ ජනගහනය මිලියන 5.8ක් වූ බවත් කාලානුරූපීව සලකා බලා වර්තමානයට ගැලපෙන පරිදි අවම සාමාජික සංඛ්‍යාව වැඩි කිරීමේ යෝජනාව ඇතුළත් කළ බවයි ඔහු සඳහන් කළේ.

ලැබෙන වැටුපෙන් සාමාජික මුදල් අඩුකර වෘත්තීය සමිති වෙත යොමුකිරීම සේවායෝජකයාට අනිවාර්ය කරන බවත් සේවකයෙකු ඉල්ලීමක් කළහොත් වෘත්තීය සමිති සාමාජික ගාස්තු වැටුපෙන් අය කර ගැනීම අනිවාර්ය කරන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

එමෙන්ම සියලුම වැඩ වර්ජනයන් ආරම්භ කිරීමට පෙර සේවායෝජකයා දැනුවත් කිරීමත් ඒ සදහා සාමාජිකයන් බහුතරයකගේ කැමැත්ත ලබා ගැනීමත් අනිවාර්ය කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *