Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සැමියා ඉදිරියේ බස් රථයෙන් ඇඳ වැටුණු කාන්තාවට අත් වූ අවාසනාවන්ත ඉරණම

3 years ago

කොළඹ සිට හලාවත දෙසට ධාවනය වූ ලංගම බස් රථයක ගමන්කළ අඹුසැමි යුවළක් පාපුවරුවෙන් ඇදවැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ අම්බලන්මුල්ල, සීදුව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාව මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙම අනතුර ඊයේ (20) උදෑසන කාලයේ සිදුව ඇති බවයි පවසන්නේ.

එම අනතුර සිදුව තිබුණේ සීදුව පොලිස් වසමේ කොළඹ – හලාවත මාර්ගයේ දඬුගම ගුවන් හමුදා මාර්ග බාධකය අසලදීය.

සිද්ධියෙන් තුවාල ලැබූ පිරිමි පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.

සීදුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *