කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (09දා) උදෑසන 05.30ට නිකුත්කරන ලද නවතම කාලගුණ වාර්තාව අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ.
ඉන් සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
උතුරු සහ උතුරු-මැද පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.


10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
ගවේෂණ ළිං 4න් 2ක් සාර්ථකයි! මන්නාරමෙන් හමුවූ ගෑස් ගැන අලුත්ම අනාවරණයක් !
කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකුගේ කනක් තවත් රැඳවියෙකු කපා දාලා
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ඉහළ දැමීම ගැන පැතිරෙන පුවත පිළිබඳව දැනුම්දීමක්
ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
සෙවණගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසාදැමේ
උපාධිය ගන්න පැමිණි පෙම්වතිය පැහැරගන්න පෙම්වතා දැරූ උත්සහාය වරදියි
තවත් සංවිධාන අපරාධකරුවෙක් ඩුබායි හිදී අත්අඩංගුවට
පොල් පලදාව පහළට
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී