යුක්තිය මෙහෙයුම තාවකාලික මෙහෙයුමක් නොවන බවත් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මේ රටින් තුරන් වනතෙක් පසුවිපරම් කරමින් මත්ද්‍රව්‍යට හා පාතාලයට එරෙහිව අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකරමින් පොලිස්පතිවරයා කියා සිටියේ පොලිස් කොට්ඨාස මට්ටමින් රහසිගත දුරකතන අංකයක් හඳුන්වා දී ඇති බවත්, කිසිදු චකිතයකින් හෝ බියකින් තොරව තමන් දන්නා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබා දෙන ලෙසත්, සමාජ ගතව පවතින මත්ද්‍රව්‍ය මෙන්ම ටී-56 , පිස්තෝල, රිවෝල්වර, ගල්කටස් වැනි ආයුධවලින් සිදුවන අපරාධ මර්ධනය සඳහා ශ්‍රී ලංකා පොලිසියට මහජනතාවගේ උදවු අවශ්‍ය බවත්, එලෙස තොරතුරු ලබා දෙන්නේ නම් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග ලබා දීමට පොලිසිය සුදානම්ව සිටින බවත්, ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි විශ්වාසය තබා එලෙස තොරතුරු ලබා දීම හේතුවෙන් ඔබ පසුපස පාතාලකරුවන් ලුහුබදිනවනම් ඔවුන්ට තේරෙන භාෂාවෙන් පිළිතුරු දෙන්න පොලිසිය ක්‍රියා කරන බවත්ය.
ඔහු මෙම අදහස් පලකළේ “යුක්තියේ මෙහෙයුම” යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම හා මත්ද්‍රව්‍ය ජාලය හඳුනාගෙන ඒවාට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ දින (04) පැවති විශේෂ මෙහෙයුම් වැඩසටහනට සහභාගී වෙමිනී.



විස්සයි20 සටනේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ සහකාර අධ්යක්ෂවරයා අබිරහස් ලෙස මරුට
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපති ලෙස පත්වීම ගැන ඉරාන්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති සහ ආරක්ෂක ලේකම්වරයා අතර විශේෂ හමුවක්
හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි නඩු හතරක තීන්දු ප්‍රකාශය කල් යයි
ඩොලර් මිලියන 2.5 ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ තීරණය වෙනස් වෙයි
බොරතෙල් බැරලයක මිල වාර්තාගත ලෙස ඉහළ යයි
අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
සනත් ජයසූරියගේ වසර 18ක් පැරණි IPL වාර්තාවක් බිඳවැටෙයි
වෛද්‍යවරියන් නාන දසුන් රූගත කළ 19න් පහළ ජාතික ක්‍රිකට් ක්රීඩකයමේ ක්‍රීඩකයින්ට වැඩ වරදියි
පක්ෂ සාමාජිකත්වයෙන් වහාම ඉල්ලා අස්වෙන්න! සජබයෙන් එරාන් වික්‍රමරත්නට දැනුම්දීමක්!