යුක්තිය මෙහෙයුම තාවකාලික මෙහෙයුමක් නොවන බවත් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මේ රටින් තුරන් වනතෙක් පසුවිපරම් කරමින් මත්ද්‍රව්‍යට හා පාතාලයට එරෙහිව අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකරමින් පොලිස්පතිවරයා කියා සිටියේ පොලිස් කොට්ඨාස මට්ටමින් රහසිගත දුරකතන අංකයක් හඳුන්වා දී ඇති බවත්, කිසිදු චකිතයකින් හෝ බියකින් තොරව තමන් දන්නා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබා දෙන ලෙසත්, සමාජ ගතව පවතින මත්ද්‍රව්‍ය මෙන්ම ටී-56 , පිස්තෝල, රිවෝල්වර, ගල්කටස් වැනි ආයුධවලින් සිදුවන අපරාධ මර්ධනය සඳහා ශ්‍රී ලංකා පොලිසියට මහජනතාවගේ උදවු අවශ්‍ය බවත්, එලෙස තොරතුරු ලබා දෙන්නේ නම් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග ලබා දීමට පොලිසිය සුදානම්ව සිටින බවත්, ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි විශ්වාසය තබා එලෙස තොරතුරු ලබා දීම හේතුවෙන් ඔබ පසුපස පාතාලකරුවන් ලුහුබදිනවනම් ඔවුන්ට තේරෙන භාෂාවෙන් පිළිතුරු දෙන්න පොලිසිය ක්‍රියා කරන බවත්ය.
ඔහු මෙම අදහස් පලකළේ “යුක්තියේ මෙහෙයුම” යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම හා මත්ද්‍රව්‍ය ජාලය හඳුනාගෙන ඒවාට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ දින (04) පැවති විශේෂ මෙහෙයුම් වැඩසටහනට සහභාගී වෙමිනී.
