ඉඟිනියාගල සිදුකළ වෙඩි තැබීම් දෙකකින් පොලිස් නිලධාරියෙක් ඇතුළු තිදෙනෙකු ඊයේ ජීවිතක්ෂයට පත්විය.
ඊයේ (04) අලුයම සිදුකළ එම වෙඩිතැබීමේ සිදුවීම්වලින් ඝාතනයට ලක්වූ කාන්තාව සහ සැකකාර පොලිස් කොස්තාපල්වරයා අතර ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් මතභේදයක් පැවති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එම සැකකාර පොලිස් නිලධාරියා මොනරාගල, කරාඬුගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උපසේවා පොලිස් කොස්තාපල්වරයෙකි.
ඔහු ඊයේ උදෑසන කරාඬුගල පොලිස් ස්ථාන පරිශ්‍රයේදී T-56 ගිනි අවියකින් වෙඩිතබා ගෙන සියදිවි නසාගෙන තිබුණි.
එම සිද්ධි සම්බන්ධයේ අදහස් දැක්වූ වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා,
“ඝාතනයට ලක්වූ මව සහ දියණිය දෙදෙනාගේ නිවස ආසන්නයේ සිය දිවි නසාගත් බවට සැකකරන පොලිස් නිලධාරීයා පදිංචිවෙලා ඉන්නේ. ඒ වගේම ඔවුන් අතර ඉඩමක් පිළිබඳව ආරවුලක් තිබෙන බවට වාර්තා වෙනවා. ඒ වගේම අනෙක් පොලිස් කොස්තාපල්වරයාව ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. ඉඟිනියාගල පොලිස් වසමේ සිදුවූ ත්‍රිත්ව ඝාතනය පිළිබඳ අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයටත් ඒ වගේම කරාඬුගල ප්‍රදේශයේ ජීවිත්කෂයට පත්වූ සිද්ධිය ගැනත් බිබිල මහෙස්ත්‍රාත් අධිකණයටත් කරුණු වාර්තා කිරීමය පියවර අරගෙන තිබෙනවා. මහෙස්ත්‍රාත් පරික්ෂණ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ ඝාතන සියල්ල පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා.”
මේ අතර එම සැකකරු විසින් මොනරාගල, කරාඬුගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියාව ඊයේ අලුයම 2.45ට පමණ වෙඩි තබා ඝාතනය කර තිබුණි.
එලෙස ඝාතනයට ලක්ව තිබුණේ 33 හැවිරිදි පොලිස් නිලධාරියෙකි. ඔහු අම්පාර නාමල්ගම ප්‍රදේශයේ සිය බිරිඳගේ නිවසේ නිදාගෙන සිටියදී එළියට කැඳවා වෙඩිතබා ඝාතනය කර ඇති බව වාර්තා විය.
මේ අතර අනෙක් වෙඩිතැබීම ඊයේ අලුයම 3.30ට පමණ සිදුකර තිබුණේ ඉඟිනියාගල, නෙල්ලියද්ද හදබිමගම කෙළවර ප්‍රදේශයේදීය.
එහිදී 54 හැවිරිදි කාන්තාවක් සහ 17 හැවිරිදි ඇගේ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබුණි.(source -adaderna)



ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
කොළඹදී ඇල්ලු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 463ක සිද්ධියට පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තවත් තුනක් අත්අඩංගුවට
ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර දිවි ගමනට සමුදෙයි
රවී කරුණානායකට ලෙඩ ගොන්නක්! ඇප ලැබුණ හැටි මෙන්න!
22ට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි! විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
පාන් මිල ඉහළට
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කලින් ඉවර වෙනවා – වජිර
ඉන්දියානු ජනතාවගෙන් ගාල්ල ජාතික රෝහලට ලැබුණු පරිත්‍යාගය
අගමැති හරිනි භූතානය බලා පිටත්ව යයි
ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අයකිරීමට ගත් තීරණය අහෝසි කරමින් නියෝගයක්